අන්තර් වාර පාලනයක් අතහැර නොහැකි වගකීමකි-හිටපු ආණ්ඩුකාරවරු කියති

513

තවදුරටත් ප්‍රමාද නොකර වහාම ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කළයුතු බව හිටපු ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු වන කීර්ති තෙන්නකෝන්, මෛත්‍රී ගුණරත්න සහ අසාද් සාලි යන මහත්වරු නිවේදනයක් නිකුත් කරමින් පවසති.

පොදු එකඟතාවයෙන් මහා මැතිවරණයක් හා ජනාධිපතිවරණයක් පැවැත්වීම, 19 වන ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාව සංශෝධනය වඩාත් යථාර්ථවත් ලෙස බලාත්මක කිරීම හා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම යන යෝජනා ඔවුන් සිය නිවේදනයෙන් ඉදිරිපත් කර තිබේ.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

අන්තර් වාර පාලනයක් අතහැර නොහැකි වගකීමකි. මේ වන විට දින 25 කට ආසන්න කාලයක් රටම අරාජික තත්වයට පත්ව තිබේ. දින 17 ක් ගොල්ෆේස් පිටියේ උද්ඝෝෂකයින් අඛණ්ඩව තම ඉල්ලීම් දිනා ගැනීමට සටන් කරමින් ඇත. රට පුරා උද්ඝෝෂණල පෙළපාලිල විරෝධතා දිනෙන් දින තීව්ර වෙමින් ඇත.

දවසින් දවස රට ආර්ථික හා සමාජීය වශයෙන් පිරිහෙමින් දල බිඳවැටෙමන් ද ඇතග සාගතයල ආහාර හිඟය සෑම තැනමය. අධ්‍යාපනයල සෞඛ්‍යල ප්‍රවාහණය ආදී සියළුම දෛනික අංග බිඳවැටී ඇත. අන්තර්වාර පාලනයයක් තුළින් දේශපාලන ස්ථාවරත්වයක් ලඟා කර නොගන්නේ නම්ල අප රට මුහුණ දී ඇති අභියෝගයන් ජය ගැනීම කිසි ලෙසකින් හෝ සිදු කළ නොහැකිය.

මෙයට මාස පහකට පෙර අප පෙන්වා දුන් ආකාරයටම අද ආණ්ඩුව කොටස් 7 කට කැඩී ඇති අතරල විපක්ෂය කොටස් 6 කි න් සමන්විතයග ඉදිරි ජනාධිපතිවරණයෙන් බලය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය දියත් කර ඇති අපේක්ෂකයින් 9 දෙනෙකු හෝ එයට වැඩි සංඛ්‍යාවකි.
අනෙක් අතට රට තියෙන්නේ කිසිදු ආකාරයකින් ඡන්දයක් පැවැත්වීම තබා කිරිපිටිල ඉන්ධනල ඖෂධ ටිකවත් සපයා ගත නොහැකි තත්වයකය.

මුළු රටේම ජනතා විරෝධය තීව්ර වී ඇති මොහොතකල පාර්ලිමේන්තුව හා දේශපාලන පක්ෂ වෙත තවදුරටත් මේ රට විනාශය කරා තල්ලු කරමින් කල් ගත කිරීමේ හැකියාවක් නැත. පසුගිය කිහිපය පුරා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙම අර්බුදය සම්බන්ධයෙන් දක්වනු ලැබූ වගකීම් විරහිත ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනතාව තුල දැඩි විරෝධයක් පවතින බව අප අවබෝධ කර ගත යුතුව ඇත.

රට පුරා මතුවන විරෝධතා රැල්ලල අවසනාවන්ත සිදුවීම් වලින් දේශපාලන වාසි ලබා ගැනීම හා තවදුරටත් විරෝධතා තීව්ර කිරීම තුලින් රටේ අර්බුදයට විසඳුමක් ලැබනේනේ නැත. අනෙක් අතටල මෙරට කිසිදු දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමට කිසිදා ලඟා කර ගත නොහැකි වූ මානයකට මහජන විරෝධතාව ගොනු කිරීමටත්ල අභියෝග ජයගැනීමටත් තරුණ කණ්ඩායම් සමත්වී ඇති බව ද අප අමතක නොකළ යුතුය. ජනතාවගේ පළමු ඉල්ලීම අගමැති – ජනාධිපති ඉවත් කිරීම යග මෙම අරගලය එයින් මෙපිට විසදෙන්නේ නැති බව ස්ථීර ය.

පාර්ලිමේන්තුවට මෙවැනි අභියෝගයකට මුහුණදිය හැකිල ලෝක ප්‍රවනතා පිළිබඳ අවබෝධයක් ඇති නව අගමැතිවරයෙකු පත් කර ගත හැකියග ඒ සඳහා පොදු එකඟතා ඇති කර ගැනීමටත්ල විකල්ප ආණ්ඩුවක් නොවිජාතික ආණ්ඩුවක්‘ –ිඑකඟතා ආණ්ඩුවක්‘ බිහි කළ යුතුව ඇත.

අභියෝගය ජයගැනීමට සුදානම්ල අර්බුදය විසඳීම සඳහා නායකත්වය ලබා දිය හැකි පුද්ගලයෙකු පොදු එකඟතාවය මත අගමැති ධූරයට පත් කර මෙම අර්බුදය විසඳීම ඇරඹිය යුතුව ඇත. අන්තර්වාර පාලනයක් යනු වත්මන් ජනපති හා අගමැති තනතුරුවල තබා ගැනීම සඳහා වන ඇස්බැන්දුමක් නොවිය යුතුව ඇතග එය පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයකම සහභාගීත්වයෙන් සිදු කළ යුතුව ඇත.

පොදු එකඟතාවයෙන් වසර කාලයක් රට පාලනය කිරීම වසර 1 ඃ ක් තුල මහා මැතිවරණයක් හා ජනාධිපතිවරණයක් පැවැත්වීම දල 19 වන ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාව සංශෝධනය වඩාත් යථාර්ථවත් ලෙස බලාත්මක කිරීම හා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම එයට ඇතුළුත් විය යුතු අනිවාර්ය අංගයන් වෙති. තව දුරටත් ප්‍රමාද නොකළල රට තුල දේශපාලන ස්ථාවර භාවය ඇති කර ගැනීමටිජාතික ආණ්ඩුවක් – එකඟතා ආණ්ඩුවක්‘ පිහිටුවීම සඳහා වහා සාකච්ඡා ආරම්භ කරන ලෙස අප ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

මෙයට,

හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකොන්
හිටපු ආණ්ඩුකාර අසාත් සාලි
නීතිඥ ගුණරත්න වන්නිනායක

advertistmentadvertistment
advertistmentadvertistment