අන්තර් විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කොළඹ විශ්වවිද්‍යාලයට

38

අන්තර් විශ්වවිද්‍යාල ක්‍රිකට් ශූරතාවලිය 2024, රජයේ විශ්වවිද්‍යාල 16ක සහභාගිත්වයෙන් 2024 අගෝස්තු 25 සිට නොවැම්බර් 10 දක්වා පැවැත්විණි.

අවසන් පූර්ව වටයේදී කොළඹ විශ්වවිද්‍යාලය මොරටුව විශ්වවිද්‍යාලය පරාජය කළ අතර සබරගමුව විශ්වවිද්‍යාලය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පරාජය කරන ලදී.

අන්තර් විශ්වවිද්‍යාල ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් 10 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලය සහ සබරගමුව විශ්වවිද්‍යාලය අතර පැවැත්විණි. කාසියේ වාසිය දිනූ සබරගමුව විශ්වවිද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් ඕවර 50කදී කඩුලු 9 ක් දැවී ලකුණු 184 ක් රැස්කර ගැනීමට හැකි විය. ලකුණු 185 ක ඉලක්කයක් හඹාගිය කොළඹ විශ්වවිද්‍යාලය ඕවර 48.1කදී කඩුලුරෑ 7ක් පමණක් දැවෙමින් ජයග්‍රාහි ඉලක්කය පසුකර යාමට සමත් විය.

විශිෂ්ට දස්කම් සමඟින් කොළඹ විශ්වවිද්‍යාලය 2024 අන්තර් විශ්වවිද්‍යාල ක්‍රිකට් ශූරතාවලියේ ශූරයන් බවට පත් විය. අවසන් මහා තරගයේ සාරාංශය මෙසේය.

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය 184/9 (පන්දුවාර 50.0)

තිලාන් ප්‍රදීප්ත 41 (71) තෙවින් අමරසිංහ 2/27 (10.0)

කවිඳු ප්‍රමෝද් 35 (46) රුවින් සෙනවිරත්න 2/36 (10.0)

සිසිත මදනායක 26 (41) දෙවිඳු කැකිරිදෙණිය 2 / 43 (10.0)

කොළඹ විශ්වවිද්‍යාලය 187/7 (ඕවර 48.1)

අන්තර් විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කොළඹ විශ්වවිද්‍යාලයට

තෙවින් අමරසිංහ 66 (75), සිසිත මදනායක 2 / 39 (10.0), හිමසරා රන්දෙණි 42 (48), කවිඳු ප්‍රමෝද් 2/24 (5.0 වසන්තන් ජතුෂාන් 25 (51) හසිත පෙරේරා 1 / 15 (7.0), තෙවින් අමරසිංහ අවසන් මහා තරගයේ තුන් ඉරියව් දස්කම් වෙනුවෙන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.


advertistmentadvertistment