තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගැනීම නීතිවිරෝධී යයි ප්‍රකාශකරන මෙන් ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙක් ඉදිරිපත්කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබාදුන්නේය.
මෙම පෙත්සම් අද එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.