අන්තවාදීන් 300 ක් තහනම් ලැයිස්තුවට: මානව හිමිකම් කොමසාරිස්ගේ විරෝධය

953

කීර්ති වර්ණකුලසූරිය
 
 ශී‍්‍ර ලංකා රජය ඉස්ලාමීය අන්තවාදීන් සහ කොටි කි‍්‍රයාකාරීන් 300 ක් ලැයිස්තුගත කර තහනමට ලක් කිරීම ගැන ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් විසින් විරෝධය දක්වා ඇත.
 
 මෙම තහනම නිසා සංහිඳියාව ඉදිරියට ගෙන යෑමට නොහැකි වන බව ඇය 47 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය අමතා තවදුරටත් දන්වා තිබේ.
 
 පාස්කු ප‍්‍රහාරයෙන් පසු බුද්ධි අංශ විසින් ලබාදුන් තොරතුරු මත ඉස්ලාමීය අන්තවාදී සංවිධාන කි‍්‍රයාකාරීන් තහනමට ලක් කෙරුණි. මේ අතර මානව හිමිකම් කොමසාරිස් බැචලේ තවදුරටත් පැවසූවේ ශී‍්‍ර ලංකාවේ තත්ත්වය ගැන ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන 48 වැනි මානව හිමිකම් සමුළුවේදී විමර්ශනය කරන බවයි.


advertistmentadvertistment