අන්තවාදී සහ ත‍්‍රස්තවාදී මතවාද මර්දනය නොකළහොත් පහසුවෙන් පැතිර යා හැකියි

244

* ඉන්දියානු සාගර සමුළුවේ සමාරම්භක දේශනය සිදුකරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියයි

* තර්ජනයන්ට එරෙහිව සම්බන්ධීකරණයක් අවශ්‍යයි

* වසංගතයට ප‍්‍රතිචාර දැක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නායකත්වය දුන්නත් ආර්ථික ප‍්‍රකෘතියට කිසිදු ගෝලීය ආයතනයක් නෑ

කලාපයේ රටවලට ආගමික අන්තවාදයෙන් සහ ත‍්‍රස්තවාදයෙන් එල්ල වී ඇති තර්ජනයන්ට එරෙහිව සටන් කිරීමට සම්බන්ධීකරණයක් අවශ්‍ය බවත් ප‍්‍රවේශමෙන් නිරීක්ෂණ කර, මර්දනය නොකළහොත්, අන්තවාදී සහ ත‍්‍රස්තවාදී මතවාද ජාතියකින් තවත් ජාතියකට පහසුවෙන් පැතිර යා හැකි බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබිහි පෙරේදා (04දා) පස්වරුවේ ඇරඹි ඉන්දියානු සාගර සමුළුවේ සමාරම්භක දේශනය සිදුකරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.

”පරිසරය, ආර්ථිකය, වසංගතය” යන්න තේමා කර ගනිමින් මෙවර සමුළුව පැවැත්වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද කීවේය.

ජීවිත අතිවිශාල ගණනාවක් බේරා ගැනීමේ කටයුත්ත මිල කළ නොහැකි වුවද, වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ලොව පුරා ගත් ක‍්‍රියාමාර්ග හේතුවෙන් දැඩි පිරිවැයක් දැරීමට සිදු විය. ආර්ථික ක‍්‍රියාකාරකම්වලද සීඝ‍්‍ර මන්දගාමීත්වය ගෝලීය සංචාර, වෙළෙඳාම සහ ආර්ථික වර්ධනය කෙරෙහි බරපතල අභියෝග එල්ල කර ඇත. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙය ඉතා දරුණු ලෙස බලපා තිබේ. මෙම අභියෝගය ජයගත හැක්කේ ධනවත් ජාතීන් සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදෙන සහයෝගය මත පමණි.

සෑම පුරවැසියෙකුම එන්නත් කරන තුරු කොවිඞ්-19 අවසන් නොවනු ඇත. ධනවත් බවින් අඩු රටවල එන්නත් කිරීමේ ක‍්‍රියාවලියට වඩාත් ඵලදායී ලෙස සහාය දෙන මෙන් හා එසේ කිරීමට හැකියාව ඇති සියලූ‍ ජාතීන්ගෙන් ඉල්ලා සිටිනවා. ගෝලීය වසංගතයට ප‍්‍රතිචාර දැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වය හා සලකා බලන කල, රටවලට ඔවුන්ගේ ආර්ථික ප‍්‍රකෘතිය සඳහා උපකාර කිරීමට කිසිඳු ගෝලීය ආයතනයක් ඉදිරිපත් වී නොමැත. වසංගතය පොහොසත් හා දුප්පත් රටවලට එක සේ බලපා ඇතත්, දුප්පත් රටවලට අසමානුපාතික බලපෑමක් දරාගැනීමට සිදුව තිබේ.

දැනටමත් බාහිර ණය බැඳීම්වලින් බලපෑමකට ලක්වී ඇති ආර්ථිකයක් සහිත රාජ්‍යයන්ට පවතින තත්ත්වය ඉතා දුෂ්කරය. වසංගතයෙන් පසු බලවත් පරිශ‍්‍රමයක් දරන දුප්පත් රටවල ණය ගෙවීම සඳහා සමාව දීමට, ප‍්‍රතිව්‍යුහගත කිරීමට හෝ සහන කාල සීමා සැලසීමට ධනවත් ජාතීන්ට මෙන්ම බහුපාර්ශ්වික සංවිධානවලට වැඩි ක‍්‍රියාමාර්ග ගත හැකි නම් එය බෙහෙවින් අගය කෙරෙනු ඇත. වසංගතය අත්දැකීම් අනුව එක රටක ඇති අහිතකර තත්ත්වයන් සීඝ‍්‍රයෙන් පුළුල් වූ කලාපයකටත් අවසානයේ මුළු ලෝකයටත් බලපෑම් ඇති කළ හැකිය. වසංගතය, ආර්ථිකය හෝ පරිසර විද්‍යාව සම්බන්ධයෙන් ජාතීන්ට බලපාන ගැටලූ‍ විසඳීමට කලාපය පුරා රටවල් සහ සමස්ථයක් වශයෙන් ලෝකයම එක්ව කටයුතු කළ යුත්තේ එබැවිනි. පවතින දේශගුණික අර්බුදය මානව වර්ගයා විසින් ජයගත යුතු දුෂ්කරම අභියෝගයක් විය හැකිය.

ඞ-ඡුරුිි පර්ල් ව්‍යසනය හුදකලා සිදුවීමක් නොවේ. ඵඔ භැඅ ෘස්පදබා නෞකාවේ ඇති වූ ගින්න සාමූහික පරිශ‍්‍රමයකින් සාර්ථකව මැඩපැවැත්වීය. මෙම සිදුවීම් දෙකම පෙන්වා දෙන්නේ අන්තරායකර සහ පාරිසරික සංවේදී ද්‍රව්‍ය, සාගර ප‍්‍රවාහනය සම්බන්ධයෙන් තිබිය යුතු දැඩි පාලනයක හදිසි අවශ්‍යතාවකි. නව ආම්පන්න සහිත යාත‍්‍රා මගින් අනන්‍ය ආර්ථික කලාපයෙන් බැහැර සීමාවන්වල මසුන් ඇල්ලීම (පන්න කිරීම* කලාපයේ පවතින සැලකිය යුතු ගැටලූ‍වකි. එමගින් දේශීය අනන්‍ය ආර්ථික කලාපයේ මසුන් ඇල්ලීම මත යැපෙන දුප්පත් ප‍්‍රජාවගේ ජීවනෝපායට දැඩි බලපෑමක් එල්ල වේ. අනාගතයේ දී ඉන්දියානු සාගර කලාපයේ සමස්ත පරිසරය සහ දේශීය ආර්ථිකයන්හි ශක්‍යතාව පවත්වා ගැනීම සඳහා එවැනි ගැටලූ‍ අවම කිරීම වෙනුවෙන් සම්බන්ධීකරණ ක‍්‍රියාමාර්ග ගැනීම වැදගත් වනු ඇත. තිරසරභාවය සම්බන්ධ එවැනි ගැටලූ‍ සම්බන්ධීකරණයට කලාපීය යාන්ත‍්‍රණයක් ස්ථාපනය කළ යුතුය.

ඉන්දියානු සාගර කලාපය මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ත‍්‍රස්තවාදය ඇතුළු සැලකිය යුතු සාපරාධී ක‍්‍රියාකාරකම්වල ස්ථානය බවද පිළිගත යුතුය. මත්ද්‍රව්‍ය ජාවාරම කලාපයේ රටවලට සැලකිය යුතු ගැටලූ‍වක්ව පවතින අතර මෙම ජාවාරම් ඵලදායී ලෙස මැඩපැවැත්විය හැක්කේ බුද්ධි අංශ, වෙරළාරක්ෂක සහ කලාපීය රටවල නාවික හමුදා අතර මනා සම්බන්ධීකරණයෙනි. මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහාද මේ හා සමාන සම්බන්ධීකරණයක් සහ සහයෝගීතාවක් අවශ්‍යයි. කලාපයේ රටවලට ආගමික අන්තවාදයෙන් සහ ත‍්‍රස්තවාදයෙන් එල්ල වී ඇති තර්ජනයන්ට එරෙහිව සටන් කිරීමටද එවැනිම සම්බන්ධීකරණයක අවශ්‍යතාව පවතී. ප‍්‍රවේශමෙන් නිරීක්ෂණ කර, මර්දනය නොකළහොත්, අන්තවාදී සහ ත‍්‍රස්තවාදී මතවාද ජාතියකින් තවත් ජාතියකට පහසුවෙන් පැතිර යා හැකිය.

ඉන්දියානු සාගරය ආශ‍්‍රිත රාජ්‍යවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාෂ හා ගැටලූ‍වලට අදාළ කරුණු සාකච්ඡුා කිරීමේ අරමුණින් 2016 වසරේ දී ”ඉන්දියානු සාගර සමුළුව” ආරම්භ කෙරිණ. මෙහි සිව්වන සමුළුව 2019 වසරේදී මාලදිවයිනේදී පැවැති අතර එහිදී ”ඉන්දියානු සාගර කලාපයයේ සුරක්ෂිතතාව හා සාම්ප‍්‍රදායික නොවන අභියෝග” පිළිබඳ සංවාදයට ගනු ලැබීය.

ඉන්දියන් සාගරය හරහා බහුපාර්ශ්වික ක‍්‍රියාකාරකම් වෙනුවෙන් වේදිකාවක් ලෙස ක‍්‍රියා කළ හැකි ඵලදායී සාකච්ජාවකට ගෝඨාභය රාජපක්ෂ මහතා මඟ පෙන්වූ බවත්, සාගරයේ සුන්දරත්වය සහ ජෛව විවිධත්වය අපගේ අනාගත පරම්පරාව සඳහා සංරක්ෂණය කිරීමත් පරිසර ¥ෂණය හේතුවෙන් දැනටමත් සිදු වී ඇති හානි අවම කිරීමටත්, අප අදම ක‍්‍රියාත්මක විය යුතු බවත් ඔමාන් රාජ්‍යයේ විදේශ අමාත්‍ය සායිඞ් බාඞ්ර් බින් හමාඩි බින් හමූඞ් අල් බුසයිඩි මහතා සමුළුවේ විශේෂ දේශනය සිදුකරමින් පැවසීය.

වැඩිපුර වගකීම් දැරීමට, වඩා හොඳ සබඳතා ගොඩනගා ගැනීමට, ප‍්‍රමුඛතාවය දීමට ඉන්දියානු සාගර ජාතීන්ට අද සිදුව තිබේ. කොවිඞ් වසංගතය නිසා බලපෑමට පත් ජීවනෝපාය යථා තත්ත්වයට පත්කිරීමට වගවීම, පිළිගැනීම තුළින් කඩිනම් නව සාමාන්‍යකරණයකට යා යුතු බවත් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සමුළුවේ ප‍්‍රධාන දේශනය සිදුකරමින් සඳහන් කළේය.

රටවල් 18ක විදේශ අමාත්‍යවරු, රටවල් 40කට අධික සංඛ්‍යාවකින් නියෝජිතයෝ දෙසීයකට අධික පිරිසක් සමුළුවට සහභාගී වී සිටිති.

advertistmentadvertistment