අනිවාර්ය නිවාඩු යැවූ 20දෙනාගේ නම් එළියට

237

කඩාකප්පල්කාරී ලෙස කටයුතු කරමින් ඉන්ධන බෙදා හැරීමට බාධා කළ බවට චෝදනා කරමින් ඊයේ (29 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් සංස්ථා සේවයෙන් අනිවාර්ය නිවාඩු යැවූ වෘත්තීය සමිති ප්‍රධානීන් සහ සේවකයන්ගේ නම් සඳහන් ලැයිස්තුවක් බලශක්ති අමාත්‍යාංශ මගින් මාධ්‍යයට නිකුත් කරන ලදී.

එයට අනුව එස්.එම්.පී.එස්. චින්තක ගුණසේකර, එච්.ඒ.එස්.ඩබ්. නිශාන්ත, ආර්.ඒ. රණතුංග, එස්.එම්.ඩී.ජේ. විජේගුණරත්න, පී.එන්. පෙරේරා, යූ.ඊ.ජී. සංජීව ප්‍රියදර්ශන, එච්.යූ.ආර්. සේරසිංහ, ඩී.එස්. ධීරක බාලසූරිය, ජී.එන්. නිලූක, එස්.ඩී. ජයන්ත පරේගම, එස්.ඩී.එස්. සර්ධා දිසානායක, යූ.බී. පාලිත, එස්.එච්.ආර්. විරාජිත්, දමිත් ප්‍රියන්ත, ආර්.ඒ.සී.එස්. රණවීර, බී.ජී.ඩී. ඩිලාන් ගමගේ, ප්‍රේමනාත් ගමගේ, සමික, බන්දුල සමන් කුමාර, අශෝක රන්වල යන අය අනිවාර්ය නිවාඩු යවා ඇත.
සමන් ගමගේ


advertistmentadvertistment