අනුප්‍රාප්තික ජනපතිට ධුර කාලය දික්කර ගැනීමට බැහැ – පැෆරල් විධායක අධ්‍යක්ෂ

232

රටේ පවතින නීතිය යටතේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට ධුර කාලය දීර්ඝ කර ගැනීමට කිසිම හැකියාවක් නැති බවත්, නීතියට පටහැනිව තවදුරටත් බලය දීර්ඝ කර ගැනීමට උත්සාහ කළහොත් තම සංවිධානය අධිකරණය හමුවේ ඊට අභියෝග කරන බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ට පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තියට අනුව ජනවරමකින් බලයට පත් ජනපතිවරයකු ධුර කාලය අවසන් වීමට පෙර ඉවත්ව ගියහොත් ඒ සඳහා සුදුස්සකු පාර්ලිමේන්තුවෙන් පත්විය යුතු බවත්, එම අනුප්‍රාප්තික ජනපතිවරයාට ධුරයේ රැඳී සිටිය හැක්කේ ජනවරමින් ලැබුණු කාලසීමාවේ ඉතිරි ප්‍රමාණයට පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාට ජනවරම ලැබුණේ වසර 5කට බවද එම කාලයට වඩා රැඳී සිටීම ජනවරමට එරෙහි වීමක් බවද හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment