අනුරට රට භාරදීමට ජනතාව බලා සිටිනවා – විජිත හේරත්

139

ප්‍රපාතයෙන් රට බේරාගැනීම සඳහා නිවැරදි දැක්මක්, වැඩපිළිවෙළක් ඇති ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට රට භාරදීමට ජනතාව සූදානමින් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

ඊයේ (06දා) ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන සිය පක්ෂයේ අපේක්‍ෂකයා වන ජා.ජ.බ. නායක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම එසේ සඳහන් කළ අතර ලබන 15දා සිය පක්ෂය වෙනුවෙන් නාමයෝජනා භාරදීමට සූදානම් බවද පැවසීය. මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙසේ පැවැසුවාය.

“ශිෂ්ට සම්පන්න පාලනයක් ගෙනයා හැකි නායකයකු තෝරාගන්න වසර ගණනාවක් රටේ ජනතාව බලා සිටියා. තව දින 48ක කාලය තුළ ඒ නායකයා පත්කර ගැනීමේ අවස්ථාව උදා වෙනවා. ජනතාව ඒ වෙනුවෙන් උනන්දුවෙන් බලාසිටින බව කිව යුතුයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment