අනුරාධපුරයේ තවත් වී ගබඩා 16කට සීල් තබයි

115

රජයේ ලියාපදිංචි නොකළ තවත් වී ගබඩා 16 ක් පෙරේදා (05දා* වැටලූ අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් වී කිලෝ දෙලක්ෂ හැත්තෑ පන්දහසක් (275000* සිය භාරයට ගෙන එම ගබඩාවලට සීල් තැබීමට කටයුතු කරනු ලැබීය.

ගලෙන්බිඳුනුවැව, හුරුලූ‍ ගොවි ජනපදය, නිකවැව, මහකනදරාව ගොවි ජනපදය යන ප‍්‍රදේශවල මෙම වැටලීම් සිදු කර තිබේ.

මෙම වී, වී අලෙවි මණ්ඩලයට රජයේ සහතික මිල යටතේ ලබාදීමට කටයුතු කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ අනුරාධපුර දිස්ත‍්‍රික් ස්ථාන භාර ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී.ඒ.සී.පී.පෙරේරා මහතා පැවසීය.

ඊයේ (07* දිනයේදී ද අනුරාධපුර ශ‍්‍රාවස්තිපුර, නාච්චාදුව, සාලියපුර ඇතුළු ප‍්‍රදේශ කිහිපයකදී ද මෙම වැටලීම් සිදු කිරීමට නියමිතව තිබුණි.

නොච්චියාගම -එම්.එම්.පී.ජී.පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment