ප්‍රථම වරට මෙරට ඇඹුල් කෙසෙල් විදේශ වෙළඳ පොළ සඳහා අපනයනය කිරීම ආරම්භ කරමින් ඇඹුල් කෙසෙල් කිලෝ දොළොස් දහස් පන්සීයක් පෙරේදා (26දා) නැව් ගත කළ බව කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියේ උතුරු මැද පළාත් කෘෂිකර්ම විශේෂඥ බණ්ඩාර ජයපත්ම මහතා පැවසුවේය.
අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයෙන් මෙම කෙසෙල් තොගය නැව්ගත කිරීම සඳහා පසුගිය(24දා) සුරක්ෂිතව සැකසුම් කරමින් තිබූ අයුරු එහි ගිය අපට දැකගත හැකි විය. ප්‍රථමයෙන් මැදපෙරදිග රටවලවලින් ආරම්භ කර යුරෝපා රටවල් දක්වා ඇඹුල් කෙසෙල් අපනයනය ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පවසයි.
කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කර ඇති කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ කෙසෙල්, පේර සහ වියලි මිරිස් නිෂ්පාදනය ප්‍රචලිත කිරීමට කටයුතු ආරම්භ කර ඇති අතර මේ සඳහා ලෝක බැංකුව අනුග්‍රහය දක්වන අතර මෙම කෙසෙල් අපනයනයද එම ව්‍යාපෘතියේ එක් අදියරක් බවද කෘෂිකර්ම විශේෂඥ බණ්ඩාර ජයපත්ම මහතා පවසයි. රාජාංගනය ප්‍රදේශය තුළ මේ වන විට අක්කර දෙසීයක පමණ මෙම ව්‍යාපෘතිය හරහා කෙසෙල් වගාව ආරම්භ කර ඇති අතර එය 2024 වන විට අක්කර 600ක් දක්වා වර්ධනය කිරීම ද මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත.
මෙහිදී කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි උපාලි උඩගම මහතාද කෙසෙල් වගාව සම්බන්ධ තාක්ෂණික තත්ත්වයන් පිළිබඳව අදහස් දැක්විය.
මිහින්තලේ – රංග චතූ