මත්ද්‍රව්‍ය තබා ගැනීමේ චෝදනාව මත සිර දඩුවම් විදිමින් සිට පසුව අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කදවුරේ පුනරුත්ථාපනය ලබමින් සිටියදී ඊයේ (19) සවස රැදවියෙකු ඉන් පලාගොස් ඇති රැදවියෙකු සොයා අනුරාධපුර පොලීසිය සහ බන්ධනාගාරය මගින් විමර්ශනයක් ආරම්භ කොට ඇත.
අනුරාධපුර බන්ධනාගාරයේ සේවයෙහි නියුතු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වූ අලුත් අවුරුදු උත්සවයක කටයුතු සදහා යොදවා සිටි රැදවියෙකු මෙසේ පලාගොස් තිබේ.
අලුත් අවුරුදු උත්සවය පැවැත්වෙන අතරතුර කඩුවෙල නුවර පාරේ පදිංචි එම රැදවියා එදින සවස 4ග00 ට පමණ මෙසේ පලාගොස් ඇති බව බන්ධනාගාර ප්‍රකාශයෙකු පැවැසීය.