අනුර කුමාර එන්නත ගනී

243

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (14 දා* කොවිඞ් මර්දන එන්නත ලබාගෙන ඇත. 02 – පිටුවට

 හෙතෙම සිය ‘ෆේස්බුක්’ ගිණුමෙහි සටහනක් තබමින් ‘‘අද දින පෙරවරුවේ බෞද්ධාලෝක මාවතේ පිහිටි ශාන්ති පදනම විහාරස්ථානයේදී පුරවැසියකු ලෙස මා හට හිමි කොවිඞ් එන්නත ලබා ගතිමි’ යනුවෙන් ලියා ඇත.

 පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සියලූම දෙනාට සහ ඔවුනගේ කාර්ය මණ්ඩලයේ හෝ ඥාතීන් 05 දෙනකුට කොවිඩි මර්දන එන්නත් ලබාදීම පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි.

 එහෙත් අනුර කුමාර දිසානායක මහතා එහිදී එන්නත ලබාගෙන නොතිබිණි.

 අකිත පෙරේරා


advertistmentadvertistment