අනුර කුමාර දිසානායක සහ ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමැති අතර සුහද හමුවක්

119

මේ වනවිට ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය TSUGE Yoshifumi මහතා අතර හමුවක් එම අමාත්‍යාංශයේදී පෙරේදා (22 දා) සිදු විය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳවත්, දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳවත් රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික සබඳතාවන්හි ඉදිරි පියවර පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරන ලද අතර එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා විසින් අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජපාන සංචාරය පිළිබඳව සුබ පැතුම් එක් කිරීමටද මෙහිදී කටයුතු කර තිබිණි.

මෙම සාකච්ඡාව සඳහා අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නිරිතදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ Tsutsumi Taro මහතා සහ එම අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ IWASE Kiichiro මහතා ඇතුළු නිලධාරි පිරිසක්ද ජාතික ජන බලවේගයේ ජපාන කමිටුවේ සාමාජිකයින් කිහිප දෙනෙක්ද එක්ව සිටියහ.


advertistmentadvertistment