සිහිවටන ඵලකයක නම් 52 ක් ඇතුළත්ව ඇතැයි කීවොත් ඔබ පුදුම විය යුතු නැත. එය සැබෑවකි.
වැලිගම ප්‍රාදේශීය සභාව මගින් වරකපිටියේ ඉදිකළ ආදාහනාගාරයේ සිහිවටන ඵලකයේ එලෙස නම් 52 ක් ඇතුළත්ව තිබේ.
ජනාධිපතිවරයා, අගමැතිවරයා, පළාත් පාලන හා පළාත් සභා ඇමැතිවරයාගේ සිට මෙම නම් 52 එහි සටහන්ව තිබේ.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතාගේ මූලිකත්වයෙන් එහි පුරනැ`ගුම ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ 700 ක ජනතාවගේ මුදල් යොදවා ඉදිකළ මෙම ආදානාගාරය ජනතා අයිතියට පැවරීම ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසින් සිදුකර තිබේ. කිසියම් එක් සභිකයකුගේ පමණක් නම එහි යෙදුවහොත් ඇතිවිය හැකි විරසකය නිසා එවැන්නක් කරන්නට ඇති බව එම ප්‍රාදේශීය සභාවේ ආරංචි මාර්ග පැවැසීය.
එම ආදාහනාගාරය විවෘත කළ අවස්ථාවත් එහි ඇති සිහිවටන ඵලකයත් මෙහි දැක්වේ.