අපද්‍රව්‍ය ආහාරයට ගෙන අජීර්ණ වී අසාධ්‍ය තත්ත්වයෙන් සිටි අලියෙක් මරුට

178

මැදවච්චිය, ඉසින්බැස්සගල වැවේ දින ගණනාවක් අසාධ්‍ය තත්ත්වයකට පත්ව ප්‍රථිකාර ලබමින් සිටි වල් අලියකු පෙරේදා (08දා) සවස මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇතිතේ අඩි 10 ක් පමණ උසැති අවුරුදු 20 ත් 25 ක් පමණ වයසැති වල් අලියෙකි.

මෙම වල් අලියා මැදවච්චිය අවට ප්‍රදේශවල අපද්‍රව්‍ය දමන ස්ථානවලට ගොස් විවිධ අපද්‍රව්‍ය ආහාරයට ගැනීම හේතුවෙන් ඇති වූ අජීර්ණ තත්ත්වයක් හා අසාධ්‍ය තත්ත්වයක් මත මෙලෙස එක්තැන්ව ඇති බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රථිකාර සිදුකරමින් සිටි බව වෛද්‍ය චන්දන ජයසිංහ මහතා අප කළ විමසීමකදී පැවැසීය.

එසේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම වල් අලියා පෙරේදා දින මියගිය අතර ගත වූ මාස අටක කාලය තුළදී මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පමණක් වල් අලි මරණ 08 ක් වාර්තා වී ඇත.

මැදවච්චිය – ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment