අපිටත් දුකයි වැදි නායකයා කතා කරයි

1659

ආසියානු ක්‍රිකට් තරගාවලියේදී අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාවට ලැබූ පරාජය ගැන තමන් ඇතුළු ආදිවාසී ජනතාවටත් දුකක් බව ආදිවාසී නායක වන්නිල ඇත්තන් ‘දිවයින’ ට පැවසීය.

හෙතෙම මෙසේද පැවසීය.

මේ තරගය පිළිබඳ ආදිවාසී ජනතාවගේත් ලොකු බලාපොරොත්තුවක් තිබුණා. උත්සාහ ගත්තොත් පරදින්නේ නැහැ. අනික පරාජය වුණාට පසු දැන් ඉතින් විවිධ කතා ගොඩනැගෙනවා.

බලාපොරොත්තුව ගිලිහී ගියා. තරගයකදී ජය වගේම පැරදුමත් බලාපොරොත්තු වෙන්න ඕනෑ.

දැන් ඉතින් පරාජයවීමට එක එක හේතු ඉදිරිපත් නොකර ඉදිරි තරගවලට මුහුණදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල උත්සාහ ගත යුතු යැයි ද වන්නිලැ ඇත්තන් සඳහන් කළේය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment