මාලිමාවේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක කෑගල්ලේ දී කියයි
ඉඩම් – බාර් ගත්ත ජනතා මුදලින් රට ගිය අය එකට තියලා පරාජය කරමු
ජාතිවාදය වපුරපු, වංචා, දූෂණ කරපු අය නොගත්ත එකම වේදිකාව මාලිමාවයි
අනෙක් දේශපාලන කඳවුරුවලට අසත්‍ය හා අවලාද නැගීම හැර වෙන කිසිවක් නෑ
රනිල් වික්‍රමසිංහ මහත්තයා මට යාලුවා මිත්‍රයා, මා මිත්‍ර අනුර කියලා කරපු චංචාවලින් ෂේප් වෙන්න හැදුවාට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළින් ඔවුන් සිදුකළ වැරැදිවලට නිසි නීතිය ක්‍රියාත්මක කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් ප්‍රකාශය කර සිටියේ පෙරේදා (10 දා) කෑගල්ල නිදහස් මාවතේ පැවැති ලස්සන රටක්, පොහොසත් හෙටක් ජන හමුවට සහභාගි වෙමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක මහතා
ඇත්තටම අපි ආවේ සැප්තැම්බර් මාසේ 21 වෙනි දින මැතිවරණ වෙද්දී ජාතික ජන බලවේගය දිනවන්න කියන්න. හැබැයි එහෙම හිතන්න දෙයක් නෑ. තීන්දු අරගෙන ඉවර බව තමයි පේන්නේ මේ ජනතාව දැක්කාම. මම හිතනවා ලංකාවේ ඡන්දයක් එන තෙක් ඡන්ද දිනය එන තෙක් ඇඟිලි ගණන් කර කර ඉන්නෙ ඡන්දෙ තමයි මේ සැප්තැම්බර් 21 වෙනිදාට තියෙන්නේ. සමහර විට මෙතන ඉන්න අම්මල තාත්තලා සහෝදර සහෝදරියෝ හිතෙනවා ඇති. හෙටම තිබ්බ නම් තවත් හොඳයි කියලා. ඇයි අනෙක් දේශපාලන කඳවුරු සියල්ල කඩා වැටිලා තියෙද්දී ඔවුන්ට අවලා ද අසත්‍ය කීම හැර වෙන කිසිවක් ඉතුරු වෙලා නෑ. මේ නිසා අද ශක්තිමත්ම දේශපාලන ව්‍යාපාරය බවට ශක්තිමත්ව සැලැස්මක් සහිත අනාගත ව්‍යාපාර බවට ජාතික ජන බලවේගය පත්වෙලා තියෙනවා. අන්න ඒ ජයග්‍රහණය ඉතා ඉක්මනින් ළඟා කර ගැනීමේ උවමනාවක් ජනතාව තියෙන බව අපි දන්නවා. විසි එක්වන දිනය දක්වා අපි හොඳට වැඩ කරලා මහන්සි වෙලා සුවිශේෂී ජයග්‍රහණය මේ කෑගල්ල දිස්ත්රිකයින් අරන් දෙන්න මැදිහත් වෙන්න කියලා මා ඉල්ලනවා.
වසර ගණනාවකට පසුව ලංකා ඉතිහාසයේ අලුත් දේශපාලන පෙරළියක් පිළිබඳව බලාපොරොත්තුවෙන් අපේක්ෂාවෙන් එක් රැස් වෙලා ඉන්නවා. අපි ඔබට සහතිකයක් දෙන්නම් මේ රටේ ජනතාව අවස්ථා ගණනාවක්ම ආණ්ඩු හදලා. ආණ්ඩු පෙරළලා නායකයන් ගෙනල්ලා. නායකයෝ මාරු කරලා ඇති තරමට හෙම්බත් වෙලා ඉන්නේ. අපි තමුන්නාන්සේලාට කියන්නම් සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ගන්න තීන්දුව අලුත් මාවතකට අපේ රට පරිවර්තනය කරන තීන්දුවක් .අපි කවදාවත් ඔබගේ අපේක්ෂාවන් බලාපොරොත්තුවලට හානියක් වෙන්න ඉඩ තියන්නේ නෑ. ඔබගේ අපේක්ෂාවෙන් ජයග්රහණයෙන් අපේක්ෂා කරන අන්දමටම කෙළවර කිරීම සඳහා මැදිහත් වෙනවා. මේ දීර්ඝ කාලයක් තිස්සේ අපි මේ දේශපාලන විනාශය දැක්කා. මන්ත්‍රීවරු ඇමති වෙනවා ගල් කොරි දානවා. පාරේ දුවන බස් දාගන්නවා. තේ වතු ගන්නවා. පුතාට අනාගතය සඳහා පාර හදනවා. එහෙම වෙලා නැද්ද? ඒක වෙලා තියෙනවා.
ඒ වගේම රටේ ජනාධිපතිවරු වෙනවා හිටපු ජනාධිපතිවරයා කල්පනා කරනවා තමන්ගේ පුතා ඊළඟ පුටුවේ වාඩි කරවන්නේ කොහොම ද කියලා. මේක තමයි වුනේ. කෑගල්ලෙන් ඡන්ද කරන්න ගෙවල් තියා ගන්නවා. කොළඹ ඉන්න ගෙවල් තියාගන්නවා. නුවරඑළියට ගිහිල්ලා හුලන් වදින්න ගෙවල් ගන්නවා. වැල්ලට ගිහිල්ලා හුළං වදින්න ගෙවල් ගන්නවා. දරුවන්ට උගන්වන්න එංගලන්තේ ගෙවල් ගන්නවා. මෙහෙමයි මේ ගොල්ලෝ හැදුනේ. ඒ නිසා දීර්ඝ කාලයක් මේ පාලක කණ්ඩයම් ජනතාවගේ සතුරන් බවට පත් වෙලා. මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරමින් මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණනින් එක් රැස් කරමින් මේ රටත් මේ රටේ ජනතාවත් විපතට පත්කරා. ඒ ගොල්ලෝ සැපත උරුම කරගන්න රට වැට්ටුවා. ඒ ගොල්ලෝ ගොඩ ගියා. ජනතාව දුප්පත් වුණා. ඒගොල්ලො පොහොසත් වුණා මේ වෙනස් කළ යුතුයි කියන ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව අපි කාලාන්තරයක් තිස්සේ දේශපාලනය කරමින් ඉන්නවා. මේ ඉතාම දූෂිත පවුල් කිහිහිපයක් අත කේන්ද්‍රගත වෙලා තිබ්බා. දේශපාලනය අතිශයින් දූෂිත, වංචාකාරී පාලනයකින් මේ මාතෘ භූමියත් මේ රටත් මුදවා ගැනීමේ අපේක්ෂාවෙන් අපි වැඩ කළා.
අපි ඉතාමත් සැලසුම් සහගතව ඒ මැතිවරණ ව්‍යාපාරයට අවතීරණ වුණා. අපි පිටිපස්සේ සජිත් ප්‍රේමදාස ගාට ගාට එනවා. අඩුම තරමින් රට ගොඩනැගීම පිළිබඳ නෙවෙයි. අඩුම තරමින් රටේ අනාගතය නිර්මාණය කිරීමේ අරමුණින් නෙවෙයි. අඩුම තරමින් තමන්ට අනන්‍ය වූ ඡන්ද ව්‍යාපාරයක්වත් කරගන්න බැරි වුණු කට්ටිය. අපි මෙගා සයිස් එකට කළොත් ඒ කට්ටිය චූටියට කරනවා. මැතිවරණ ව්‍යාපාරයක් කියන්නේ ජනතාව හොඳින් සංවිධානය කරන්න ඕනෑ. ඒ කියන්නේ ඇයි මැතිවරණ ව්‍යාපාරයෙන් පස්සේ රට හදන්න ඕනෑ. රට හැදීමට නම් රට හදන්න ඒ සියලු දේශපාලන බලවේග එකතු කරන්න ඕනෑ. සංවිධානය කරන්න ඕනෑ. ඒ බලවේග අතර තමා මේ බලය මාරු වෙන්නේ. ඒ නිසා අපි මොකද කරන්නේ? මේ රට හදන ඥානය, දැනුම තියෙන කණ්ඩායම් අවශ්‍යයි. ඒ නිසා අපි ඉංජිනේරුවන්ගේ, අයිටී කණ්ඩායම්, නීතිඥවරුන්ගේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ, සාහිත්‍ය කලාකරුවන්ගේ, වෛද්‍යවරුන්ගේ, පශු වෛද්‍යවරුන්, රජයේ උසස් නිලධාරීන් මේ ආදි හැම ක්ෂේත්රයකම අය අපි ළඟ ඉන්නවා. අපි මේ රට භාර ගන්න ලෑස්තියි. භාර ගත්තු රට ගොඩනගන්න දැනුම තියෙන කණ්ඩායම අපි එකතු කළා. ඒ නිසා මේ මැතිවරණයට අපි යන්නේ මේ රට ගොඩ නගන්න. මැතිවරණයෙන් පසුව මේ රට ගොඩ නැගීම සඳහා ශක්තිමත්ව බලවේගයෙන් එකතු කරගෙන තමයි ජාතික ජන බලවේගය මේ ඡන්දයට අවතීර්ණ වෙලා තියෙන්නේ. දැන් බලන්න තමුන්නාන්සේලා සජිත්ගේ වේදිකාවේ රනිල්ගේ වේදිකාවේ සිද්ධ වෙන දේවල්. මේ කෑගල්ලේ මහීපාලලා මහීපාලලාගේ පුතාලා 2019 පට්ට යනකන් හම ගැහුවා රනිල් වික්‍රමසිංහ. අද රනිල් වික්‍රමසිංහ තමයි තමන්ගේ ගැලවුම්කාරයා කියන්න පටන් ගන්නවා. මොන දේශපාලනයක් ද අද මෙහේ තියෙන්නේ.
ඊට පස්සේ පාර්ලිමේන්තුවක් දිනුවම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බලවත් සංශෝධනයක් ගේනවා. දැන් තියෙන නීතිය පණ මදි ශක්තිමත් නීතියක් ගේනවා. පැන්නොත් මන්ත්‍රීකම ඉවරයි. මේ බාර්වලට විකිණෙන එක, මේ විදියට මන්ත්‍රීකම්වලට ඇමතිකම්වලට සල්ලිවලට විකිණෙන මේ දේශපාලනය නතර කරන්න ඕනෑ. අන්න ඒකට තිත තියන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩු විතරක් බව මතක තියාගන්න. අපි ඒ වැඩේ කරනවා.
එතකොට රනිල් වික්‍රමසිංහ කියනවා. අනුර යාළුවා, අනුර මිත්‍රයා, මා මිත්‍ර අනුර, ඔය එන්නේ ෂේප් එකක් දාගන්න.එයා දන්නවා ජාතික ජන බලවේගය අපි ජයග්‍රහණය කරන බව. ඒ නිසා ඒ මොකද කරන්නේ? යාළුවා, මගේ මිත්‍රයා, කියලා ශේප් වෙන්න එන්නේ. හැබැයි රනිල් මට යාළුවා යාළුවා කීවාට මහ බැංකුවට ගහපු එක ගැන නම් පරීක්ෂණ තියෙනවා. යාළුවා යාළුවා කිව්වට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් අක්කර සියගණනක් තමන්ගේ ගජ මිතුරන්ට දීපු එක ගැන පරීක්ෂණ තියෙනවා.
වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය, එම්. බී. පහලවත්ත – කෑගල්ල