ශ්රී ලංකාවේ ප්රථම වනජීවී උමං මාර්ගයට ඊයේ (01 දා) කුරුණෑගල කාසිකොටේදී මුල්ගල තැබිණි. ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් සහ සුරකිමු ශ්රී ලංකා සංවිධානයේ මඟ පෙන්විම යටතේ මෙය සිදු කෙරිණි.
මෙරට වන අලින් වැඩිම ප්රමාණයක් දුම්රියට බිලිව ඇත්තේ මෙම ස්ථානයේ වන අතර මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට පෙර ඊයේ (01 දා) හිමිදිරියේ අදාළ ස්ථානයෙන්ම වන අලි රංචුවක් ගමන් කිරීම සහ එම සතුන් කිසිවකුට හෝ කිසිදු හිරිහැරයක් නොවනාකාරයෙන් අදාළ ප්රදේශය පසු කිරීම කාහටත් පුදුමය දනවන දසුනක් විය.
මෙම අලිමංකඩ හරහා ඉදිවන මෙරට ප්රථම වනජීවි උමං මාර්ගය හේතුවෙන් ප්රදේශයේ සැරි සරන වන අලි, සතුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සේම ප්රදේශවාසීන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව ද සෙත සැලසෙන බව සුරකිමු ශ්රී ලංකා සංවිධානයේ සභාපති, පාහියංගල ආනන්ද සාගර හිමියෝ ප්රකාශ කළහ.
අලි ඇතුන් දෙසිය පහනකට අධික පිරිසක් ගැවසෙන මෙම ස්ථානයේ ඉදිකෙරෙන මෙරට ප්රථම වනජීවී උමං මාර්ගයේ වැඩ දෙමසක් තුළ අවසන් කෙරෙනු ඇති බවත් ඉදිරි කාලයේදී නම් කරනු ලබන තවත් අලි මංකඩයන් කිහිපයක් සඳහා මෙවැනි වනජීවි උමං මාර්ග ඉදිකිරීම සඳහා යෝජනා සකස් කෙරෙමින් පවතින බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියහ.
සුජීව තත්සර