ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් තමන්ට මරණීය තර්ජන ඇති බව කියමින් වැඩිපුර පොලිස් ආරක්ෂාව ඉල්ලුවත් ඒ පිළිබඳව පියවර ගන්නේ මැතිවරණ කොමිසම යැයි පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලය පවසයි.
අපේක්ෂකයකු විවිධ හේතු කියමින් වැඩිපුර පොලිස් රැකවල් ඉල්ලා සිටීමේදී ඒ පිළිබඳව සොයාබලා රැකවරණ ලබාදීමට මැතිවරණ කොමිසමට හැකි බවත් සියලු ජනාධිපති අපේක්ෂකයන්ට සාමාන්‍ය අයුරින් ලබාදෙන ආරක්ෂාව ලැබෙන බවත් පොලිසිය කියයි.
නෝමන් පලිහවඩන