මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් විසින් මැතිවරණ කටයුතු සඳහා වියදම් කළ මුදල් පිළිබඳ වාර්තා මෙතෙක් කිසිදු අපේක්ෂකයකු මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදී නැතැයි එහි සභාපති ආනන්ද රත්නායක මහතා ‘දිවයින ඉරිදා සංග්රහය’ට පැවසීය.
ජනාධිපතිවරණයෙන් පසු දින 21ක් ඇතුළත එම වාර්තා ලබාදිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව ඔක්තෝබර් මස 12 වැනිදා වන විට එම මුදල් වාර්තා ලබාදිය යුතු බවත් එසේ නොකරන අපේක්ෂකයන් සම්බන්ධව අදාළ මැතිවරණ නීති අනුව කටයුතු කරන බවත් ඔහු කීවේය.
ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට මැතිවරණ කටයුතු සඳහා වැය කළ හැකිව තිබූ උපරිම මුදල රුපියල් එකසිය අසූහය කෝටි අසූදෙලක්ෂ අනූඅටදහස් පන්සිය අසූ හයකි (1,868,298586)කි. එනම් එක් ඡන්දදායකයකු වෙනුවෙන් රුපියල් 109 බැගින් එක්කෝටි හැත්තෑ ලක්ෂ හතළිස් දහස් තුන්සිය පනස් හතරක් වන ලියාපදිංචි ඡන්දදායකයන් (171,40,354) සඳහාය.
අදාළ වාර්තා නොදෙන අපේක්ෂකයන්ට එරෙහිව අධිකරණයට ගොස් දඩ මුදලක් නියම කිරීමට ද ලබා ඇති ජයග්රහණය අවලංගු කිරීමට ද නීතිමය බලතල ඇත.
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 39 දෙනකු නාමයෝජනා භාරදුන් අතර 38 දෙනෙක් තරග කළහ. මුහම්මද් ඉලියාස් මහතා අභාවප්රාප්ත වීම නිසා ඔහුගේ අපේක්ෂකත්වය අවලංගු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබිණි.
උපාලි ද සේරම්, නෝමන් පලිහවඩන