අපේක්‍ෂකයෝ 22 ක් ආධාරකරුවෝ 74 ක් අත්අඩංගුවට

75

පළාත් පාලන මැතිවරණයට අදාළව අපේක්‍ෂකයන් විසි දෙදෙනකු හා ආධාරකරුවන් 74 දෙනකු ඊයේ (21දා) වන විට පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව ද 17 ක් වේ.

මැතිවරණයට අදාළව අපරාධමය පැමිණිලි 50ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 174 ක් පොලිසිය වෙත ලැබී තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

පෙරේදා (20දා) දිනයේදී පමණක් අපේක්‍ෂකයකු සහ ආධාරකරුවන් 04 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. එදිනදී පමණක් මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 05ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 08ක්ද ලැබී ඇත.

චමින්ද සිල්වා


advertistmentadvertistment