අපේ කවුරුවත් බිස්නස් කරන්නේ නැහැ – ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පරිසරය හදාදෙනවා

404

ජාජබ නායක අනුර කුමාර දිසානායක විශ්‍රාමික ජාතික සමුළුව අමතමින් කියයි

ඔබට එක සහතිකයක් දෙන්නම්. මම හෝ ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලවල සිටින කිසිවෙක් බිස්නස් කරන්න එන්නේ නැහැ. අපි මේ රටේ යහපත් ලෙස ව්‍යාපාරයේ යෙදෙන ව්‍යාපාරිකයන්ට, කර්මාන්තකරුවන්ට අවශ්‍ය පරිසරය හදා දෙනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ජාතික සමුළුව අමතමින් එසේ කී දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මේ අවස්ථාවේ මතුවී තිබෙන ප්‍රශ්නයක් තමයි, පාර්ලිමේන්තු මැතිවරණයද ජනාධිපතිවරණයද පැවැත්වෙන්නේ කියන එක. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයත්, ඔක්තෝබර් 16ටත් සැප්තැම්බර් 17ත් අතර ජනාධිපතිවරණය පැවැත්වීමේ බලයත් ජනාධිපතිවරයාට තිබෙනවා. එසේ නම් රනිල් වික්‍රමසිංහ අද හෝ හෙට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය ගතහොත් ඔහුගේ බලය අහෝසි වෙනවා. ඔහුට තව මාස කිහිපයක් බලයේ සිටිය හැකිව තිබියදී කලින්ම පුටුවෙන්

නැගිටින්නේ නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ඔහු වටා එකතු වී සිටින පොහොට්ටුවේ කණ්ඩායමේ සියලු‍ දෙනාම ඡන්දෙ ඉල්ලන්න නැවතත් පොහොට්ටුවට යනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැර එයින් ලැබෙන ප්‍රතිඵලය අනුව රනිල් වික්‍රමසිංහට ජනාධිපති නොවෙයි, ජනාධිපති අපේක්ෂකයා වෙන්නත් බැහැ. විසුරුවා හැරියොත් එක්සත් ජාතික පක්ෂය අවසන් වෙනවා. ඒ අනුව විසුරුවා හැරීමේ ඉඩකඩ ඔහුට දේශපාලනිකව අවාසියි. නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බැසිල් රාජපක්ෂට වුවමනාව තිබෙනවා. එක්කෝ එයා රනිල්ට සහාය දෙන්න ඕනෑ. ජනතාවගේ සහායෙන් රනිල් ජනාධිපති වුණොත්, පොහොට්ටුවේ ගමන එතනින් අවසන්. රනිල්ට සහාය නොදී වෙන අපේක්ෂකයෙක් දැම්මොත්, පොහොට්ටුවට තිබෙන ඡන්ද ප්‍රමාණයත් නැතිවෙනවා. දාන්න කෙනෙකුත් නැහැ. ජනාධිපතිවරණය දිනන ඕනෑම කෙනෙක් පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මහ ඡන්දෙට බලපානවා. ඒ නිසා ඒගොල්ලන් කල්පනා කරන්නේ පාර්ලිමේන්තුව ඉක්මනින්

ගන්න. ස.ජ.බෙ.ටත් අවශ්‍යයි පාර්ලිමේන්තුව විසුරුවා ගන්න. ජනාධිපතිවරණයේදී කේන්ද්‍ර වෙන්නේ පුද්ගලයන්. සජිත්ට වඩා ස.ජ.බෙ. ඔට්ටුවට දැමීම ඒගොල්ලන්ට වාසියි. ඒ නිසා ඒගොල්ලනුත් කැමතියි, පාර්ලිමේන්තුව විසුරුවනවාට. ජාතික ජන බලවේගයේ අපි මේ දෙකටම ලැහැස්තියි. ව්‍යවස්ථානුකූලව දෙකම පවත්වන්න ඉඩ තිබුණත් දේශපාලනිකව ජනාධිපති ඡන්දය පැවැත්වීමට නියමිතයි.

මේ ගමන් කරමින් තිබෙන ආර්ථික මාවත වෙනුවට නිෂ්පාදනය කේන්ද්‍ර කර ගත්, නව ආර්ථික මාවතකට අවතීර්ණ විය යුතුයි. ඔවුන්ගේ මාවත සියල්ල විකුණන එක. ටෙලිකොම් ආයතන දැනටමත් භාගයක් විකුණලා. අයි.ටී.වලින් අපට ඩොලර් බිලියන 15ක් උපයන්න හැකියාව තිබෙනවා. අයි.ටී. කර්මාන්තය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් හදන්න ඕනෙ ටෙලිකොම් ආයතනය. ආණ්ඩුව ටෙලිකොම් විකුණන්න සූදානම් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ගෑස් සමාගම, විදුලිබල මණ්ඩලය, බලාගාර විකුණන්න සූදානම් වී තිබෙනවා. ඒක හරියි කියමින් හර්ෂ ද සිල්වා අත්පුඩි ගහනවා. නව නිෂ්පාදන කේන්ද්‍රීය ආර්ථික ගමනකට අපේ රට පරිවර්තනය විය යුතුයි. අයි.ටී. කර්මාන්තය, සේවාවන්ගේ සංචාරක කර්මාන්තය, රටේ ඛනිජ සම්පත් උපයෝගී කරගෙන නව කර්මාන්ත අවදියකට අවතීර්ණ විය යුතුයි. අපේ රටේ ඛනිජ සම්පත් පිළිබඳ ගවේෂණය කළ, මහාචාර්ය ඉලේපෙරුම මහතා, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට සහාය දීමට ලංකාවට පැමිණි බව මා හමුවේ ප්‍රකාශ කළා.

අපේ වැඩිපුරම පොර බදන අමාත්‍යාංශ, මහාමාර්ග, වරාය (වැඩිම මිලදී ගැනීම්) එයාර් ලංකා, (වැඩිම මිලදී ගැනීම්), විදුලි බල (වැඩිම බිස්නස් එක) තෙල් (වැඩිම අපනයන වියදම). මේ කියන්නේ අපේ ඇමැතිවරු හැදුනේ බිස්නස් එකට. මේ රට ගුණාත්මක පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය නොසලකා හරින අමාත්‍යාංශයක් වෙලා. ලෝකයේ විශාල පර්යේෂණ ආයතනවල වැඩ කරන, විශාල ප්‍රමාණයක් අපි එකතු කරමින් ඉන්නවා. ලෝකයේ පිළිකා මර්දනය සඳහා බෙහෙතක් සොයමින් ඉන්නවා. එය ඉතාමත් දියුණු අදියරක තිබෙනවා. එහි ඉන්න ලාංකිකයා අපිත් එක්ක වැඩ කරනවා. ලෝකයේ තිබෙන දැනුම, තාක්ෂණය එකතු කරන සැලැස්මක් අපි හදමින් තිබෙනවා. පර්යේෂණ සහ සංවර්ධන විද්‍යාඥයන්ගේ සමුළුවක් ලංකාවේ පවත්වන්න අපි සූදානම් කර තිබෙනවා. ඒ හරහා තමයි මේ රට පරිවර්තනය කරන්න ඕනෑ.

දේශපාලනයට එන්නෙම එයින් ලැබෙන බලයත්, වරදාන වරප්‍රසාද ලබාගැනීමටත්, බලය හරහා ධන උත්පාදනය කර ගැනීමටත්. හිනිදුම ප්‍රදේශයේ කැන්ටර් එකක තේ දළු පටවපු කැන්ටර් පියසේන, එම ප්‍රදේශයේ ප්‍රධාන තේ වතු හිමියා වී තිබෙනවා. අද ඇමැති පියසේන. තැපැල් නයින්ටියෙන් ගමන් කළ එස්.බී. දිසානායක, හඟු‍රන්කෙත මන්දිරය හැදුවේ කෙහොමද? මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. මාධ්‍යවේදීන් අහනවා “ඔබට ෂර්ට් එක අරන් දුන්නේ කවුද?” කියලා. හැබැයි ඔවුන්ට බැරිවෙලා තිබෙනවා “අහවල් තැන හෝටලය හදා ගත්තේ කොහොමද?” කියා ඔවුන්ගෙන් අහන්න.

ඔබට එක සහතිකයක් දෙන්නම්. මම හෝ ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලවල සිටින කිසිවෙක් බිස්නස් කරන්න එන්නේ නැහැ. අපි මේ රටේ යහපත් ලෙස ව්‍යාපාරයේ යෙදෙන ව්‍යාපාරිකයන්ට, කර්මාන්තකරුවන්ට අවශ්‍ය පරිසරය හදා දෙන්නම්. ඔබ මේ රටේ ධනය උත්පාදනය කරන්න. ධනය උත්පාදනය කරන්නේ පෞද්ගලික ව්‍යවසායකයා. ආණ්ඩුව කරන්නේ උපයන ධනයෙන් ටිකක් ගන්නවා. භාණ්ඩාගාරය පුරවන්න නම්, එළියේ ධනය වැඩි වැඩියෙන් හැදෙන්න ඕනෑ. අපේ රටේ එළියේ ධනය හැදෙන්න තිබෙන ප්‍රධාන බාධාව මේ දේශපාලන සංස්කෘතිය.

අපි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. මන්ත්‍රීවරුනට පර්මිට් නැහැ. මන්ත්‍රී ධුරය දරන කාලයට වාහනයක් දෙනවා. සේවා කාලය අවසානයේදී එයා වාහනය දී ගෙදර යන්න ඕනෑ. නිවාස දීම, ජනාධිපති මන්දිර නඩත්තු කරන එක, විශ්‍රාමික ජනාධිපතිවරු බලාගන්න එක නතර කරන්න ඕනෑ. මේ දේශපාලන සංස්කෘතිය නතර කිරීම අපට පැවරුණු වගකීමක්. දේශපාලකයා නීතියටත්, පුරවැසියාටත් වඩා උඩින් ඉන්න කෙනෙක් වෙන්න බැහැ. මිනිසුන් අතරින් වැරදි වෙන්න පුළුවන්. සිදුකරන වැරදිවලට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ.

මේ රට මීට වඩා හොඳ රටක් බවට පරිවර්තනය කරන්න මේ පුරවැසියන්ට මීට වඩා හොඳ ජීවිතයක් ලබාදෙන්න, ක්‍රියාකාරී වෙන්න. මීට වඩා හොඳ රටක් බවට පත් කරන්න, පුරවැසියන්ට මීට වඩා හොඳ ජීවිතයක් ලබාදෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි එකතු වෙමු. යහපත් දේද, අයහපත් දේද, සත්‍යයද බොරුවද අවංකභාවයද ව්‍යාජත්වයද යන්න අපට තෝරා ගැනීමක් අප ඉදිරියේ තිබෙනවා. නිවැරදි තෝරාගැනීම වෙනුවෙන් අපි එකතු වෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment