අපේ ජන නැටුම ජාත්‍යන්තරයට ගෙනයා යුතුමයි… අලුත්ම නර්තන වැඩසටහනකට සූදානම් වෙනවා – චන්න විජේවර්ධන

366

නර්තනය වූ කලී බොහෝ ඈත ඉතිහාසයක් ඇති ජන ජීවිතය හා අත්‍යන්තයෙන් බැඳුණු සෞන්දර්යාත්මක කලාවකි. වර්තමානය වනවිට එය තරුණ පරපුර අතර ඉතා වේගයෙන් ජනප‍්‍රියව පැතිර යන බව විද්‍යුත් නාලිකාවන්හි තරගකාරී ලෙස පැවැත්වෙන රියැලිටි නර්තන තරගයන් දෙස බැලූ කල්හි පැහැදිලි වන කාරණයකි. එසේ වුවද මෙකී ප‍්‍රවනතාවය දේශීය නර්තනයේ දියුණුවක් ලෙස සැලකිය හැක්කේද? හුදෙක් ඇස පිනවීම පමණක් අරමුණු වූ විසූක දස්සනයක් පමණක්ද? මේ පිළිබඳව හා නර්තන කලාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව තම මතය විමසනු වස් අපි ශී‍්‍ර ලාංකේය නර්තන ක්ෂේත‍්‍රයේ පුරෝගාමී නාමයක් හිමි නර්තනාචාර්යවරයකු වූ චන්න විජේවර්ධනයන් හමු වූයෙමු.

අපේ ජන නැටුම ජාත්‍යන්තරයට ගෙනයා යුතුමයි... අලුත්ම නර්තන වැඩසටහනකට සූදානම් වෙනවා - චන්න විජේවර්ධන

පවත්නා අර්බුදකාරී තත්ත්වය නර්තන කලාවට බලපා ඇත්තේ කෙසේද?
 
 අපි ජනතාව අතරට ගියේ බෙහෝවිට සංදර්ශන හරහා. අපි සංදර්ශනවලින් අලූත් වෙනසක් වගේම පෙරළියක් ඇති කළා. මිනිසුන් අතරට නැටුම ගියේ ඒ අනුවයි. නර්තනය කියන්නේ කස්තිරම්, අඩව් පමණක් නොවෙයි, මෙය ශාරීරික හා මානසික වශයෙන් බොහෝ අභ්‍යාස ලැබෙන ශිල්පයක්. මේ කාලයේ අපිට සංදර්ශන කරගන්න බැරි වෙන්නේ ආයෝජකයන් අඩුයි. කොටින්ම ඇත්තේම නැති තරම්. අනෙක් හැම කලාවන්ටම බලපා ඇති ප‍්‍රශ්නයම තමයි අපිටත් තියෙන්නේ. මේ දවස්වල මගේ කණ්ඩායම පුහුණුවීම් කටයුතුවල නිරත වෙනවා, මේ අර්බුදය නිම වූ පසු අපේ කටයුතු ආරම්භ කිරීමට. ඒ වගේම නර්තන ශිල්පි ශිල්පිණියන් වෙන වෙනම ඔවුන් සිටින ස්ථානවලම සිට කරන නර්තනයන් රූපගතකොට එය එකම නර්තනයක් ලෙස සංස්කරණය කොට සුදුසු පසුබිමක් යොදා ඉතා ආකර්ෂණීය වැඩසටහනක් ලෙස ඉදිරිපත් කිරීමට මේ දවස්වල සැලසුම් කරගෙන යනවා. නමුත් ඊටත් ආයෝජකයන් අවශ්‍යයි. ඒ ගැටලූව තමයි තිබෙන්නේ.
 
 වර්තමාන නර්තනය ීදබට ඪසිම්ක වලට පමණක් ලඝු වී ඇති බවක් පෙනෙන්ට තිබෙනවා?
 
 ඒකට හේතුව තමයි නැටුමකට මියුසික් ට‍්‍රැක් එකක් කරන්න ගියාම ලක්ෂ දෙකහමාරක් තුනක් පමණ වියදමක් යනවා. ඉතින් එහෙම වියදමක් හුඟක් අයට දරන්න නොහැකි නිසා තිබෙන ට‍්‍රැක් එකක් හෝ ගීතයක් යොදාගන්න වෙනවා. අපිට ඒකට දොස් කියන්න බැහැ. ඒකෙන් හරි ඒ අය නර්තනයක් කරනවානේ. ඔය ප‍්‍රශ්නෙ ලෝකෙ හුඟක් රටවල තිබෙනවා. ඉන්දියාව ගත්තොත් කතකලී ට‍්‍රැක් එකක් කරන්න හුඟක් වියදම් වෙනවා. නමුත් බොලිවුඞ් ගීත සෑහෙන ප‍්‍රමාණයක් දිනකට එළි දකිනවා. මං හිතන්නෙ නෑ එයින් අපේ සම්ප‍්‍රදායික නැටුමට හානියක් වෙනවා කියලා. අරවා ඇවිල්ලා යන ඒවා. සම්ප‍්‍රදායික නැටුම සදාකාලිකයි.
 
 අපේ පාරම්පරික නර්තන කලාව මීට වඩා ප‍්‍රචලිත කිරීමට වැඩ පිළිවෙළක් තිබිය යුතුයි නේද?
 
 අපේ පාරම්පරික ගුරුවරුන් එය ඉතා හොඳින් රැුකගෙන එනවා. නමුත් අපේ වෙස් නර්තනය වැනි සංස්කෘතිකාංග ජාත්‍යන්තරයට ගෙන යා යුතුයි. මම රටවල් 99 ක කණ්ඩායම් 175 ක් සමඟ තරග කරලා වෙස් නර්තනයෙන් ශී‍්‍ර ලංකාවට ජයග‍්‍රහණය රැුගෙන ඇවිත් තිබෙනවා ජර්මනියේදී. මුළු ඕඩියන්ස් එකයි ජජ් බෝඞ් එකයි නැගිටලා ආචාර කළා අපේ වෙස් නැටුමට. ඇත්තටම අපේ ජන නැටුම් ජාත්‍යන්තරයට ගෙන යා යුතුයි. ඔවුන් ඒවා ඉතා ඉහළින් අගය කරනවා.
 
 රියැලිටි නර්තන තරග දෙස බැලූවොත් බොහෝවිට දක්නට ලැබෙන්නේ අතිධාවනකාරී බටහිර නැටුම් නේද? අපේ දේශීය නර්තනාංග බොහෝ අඩුයි? තරුණ පරපුර ඊට දක්වන නැඹුරුව මදි ඇයි?
 
 ඒවායේ බොහෝ අය කරන්නේ තමන්ගේ නිර්මාණයක් නොවෙයි. ඉන්දියානු නැටුමක් බලලා ඒක අනිත් පැත්තට කරන එක තමයි කරන්නේ. ඒකෙ වාසිය තිබෙන්නේ වීඩියෝ ක්ලිප් එකත් ලැබෙනවා, මියුසික් ට‍්‍රැක් එකත් ලැබෙනවා. ඒක බලලා පොඞ්ඩක් එහාට මෙහාට කරලා නටන එකයි තියෙන්නේ. ඒකට අපිට දොස් කියන්නත් බැහැ. නව නිර්මාණයකට වියදමක් යනවානේ. අපි හිතමු නර්තන තරගයකට එක් තරගකරුවෙක් දහපාරක් පෙනී සිටිනවා කියලා. ඒවාට මියුසික් ට‍්‍රැක් දහයක් අලූතින් හදන්න කාටද පුළුවන්. හැම තැනම මුදල් ප‍්‍රශ්නය තමා එන්නේ. අපිට ඊට දොස් කියන්න බැහැ. නමුත් ඒවා මැඬගෙන දේශීය නිර්මාණ කරන දක්ෂයොත් ඉන්නවා. මම දැන් ඔබට ප‍්‍රශ්නයක් නගන්නම්. ඔබ දැක තිබෙනවානේ ළමා ගී රියැලිටි වැඩසටහන්. ඒවායේදී දරුවන් පුදුමාකාර දක්ෂ ලෙස ගායනා කරනවා. මම ඉන් එක විනිශ්චය මණ්ඩලයක සිටින විට කෙනෙක් ඇසුවා, මේ පොඩි දරුවන් ජෝතිපාලගේ ඇන්ජලින්ගේ ආදර ගීතනෙ ගායනා කරන්නේ කියලා. මම දීපු පිළිතුර වුණේ පොඩි දරුවන්ගේ දක්ෂකම් පෙන්නන්න, ගායනා කරන්න ළමා ගී නැත්නම් මේ ආදර ගීත හරි ඒ අයට කියන්න වෙනවනේ. නැතිනම් කොහොමද ඒ අයගෙ දක්ෂකම් පෙන්වන්නේ. ඒම දේම තමයි නැටුමට වෙලා තිබෙන්නෙත්. තමන්ගේ දක්ෂකම් පෙන්නන්න මේවා කරන්න වෙලා තියෙනවා. නැත්නම් ඒ අය එළියට එන්නේ නැහැනේ. අද වෙලා තිබෙන තත්ත්වය ඕක තමයි. හුඟක් අය රියැලිටි ෂෝවලට බැන්නට දක්ෂකම් තිබෙන බොහෝ දෙනෙක් එයින් එළියට ඇවිත් තිබෙනවා නේද?
 
 කාන්තාවන් වෙස් පැළඳීම ගැන සම්ප‍්‍රදායික නර්තන ශිල්පීන්ගේ විරෝධයක් පවතිනවා නේද? ඒ ගැන ඔබේ මතය කුමක්ද?
 
 පාරම්පරික නර්තන ශිල්පීන් වෙස් තට්ටුව තබන්නේ් පන්සලේ. ගෙදරටවත් ගේන්නේ නැහැ. ඒ තරමට ඔවුන් එයට ගරු කරනවා. අපි වුුණත් වෙස් තට්ටුව තබන්නේ ගෙදර අල්මාරිය උඩින්. ඉණෙන් පහළ ස්ථානයක එය තබන්නේ නැහැ. විදේශ සංචාරවලදීත් අපි වෙස් තට්ටුව ගෙන යන්නේ අත් බෑගයේ. කාන්තාවන් වෙස් බඳින කොට කොත හිස පැළඳීම ගැන මම විරුද්ධයි. අනෙක පාරම්පරික වෙස් ඇඳුම නිර්මාණය කරලා තිබෙන්නේ පිරිමි අය සඳහායි. උඩුකය නිරුවත්ව. කාන්තාවන් එය අඳින්නේ සැට්ටයට උඩින්. එතකොට ඇඳුම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අර පෞරුෂය එන්නේ නැහැ. හරියට පිරිමියෙක් ගවුමක් ඇන්දා වගේ.
 
 නිමල් ෆ‍්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment