අපේ පරණ වී වර්ග විනාශ කළේ ඒවා ලග තියාගත්ත අයට දඩ ගහලයි… රසායනික තහනමත් සමඟ ජනාධිපතිවරයාට තියෙන අනතුර වැඩියි… – තිලක් කන්දේගම

362

* ගෝඨාභය ජනාධිපති වෙච්ච අවස්ථාවේම  මේ තීන්දුව ගත්ත නම් අද අපි ප‍්‍රතිඵල භුක්ති විඳිනවා…

ඔහු වෙනස් විදිහට සිතන කෙනෙකි. වස විස නැති රටක් නිර්මාණය කිරීමට දිවි හිමියෙන් කැප වී සිටින සත්පුරුෂයෙකි. ගහ කොළට, සතා සීපාවාට හානි නොවන පරිසරය ද සුරැකෙන සාධාරණ ජීවනෝපායක් ලෙස යළිත් මෙරට ගොවිතැන නඟාසිටුවීමට ඔහු දරන වෑයම සුළු පටු නැත. ඇළහැර සුන්දර පරිසරයක රාජධානියක් නිර්මාණය කරගෙන සිටින ඔහුව සමාජ මාධ්‍ය තුළ නොදන්නා කෙනෙක් නැති තරම්ය. හේ තිලක් කන්දේගමය. ‘‘මේ වෙනකොට අපේ රට දරුණු ව්‍යසනයකට මුහුණදීලා තියෙනවා. ඒ කොවිඞ් වසංගතය නෙමෙයි. රසායනික පොහොර තහනමත් නෙමෙයි. කාලයක් තිස්සෙ සෙමෙන් වැඩෙමින් දැන් මහා වනාන්තරයක් සේ පැතිර ගොස් තිබෙන පිළිකාව, වකුගඩු රෝග සහ හෘද රෝග ආදී බෝ නොවන රෝග ව්‍යාප්තිය. මේක සුළු පටු ව්‍යසනයක් නෙමෙයි. රට ජාතියම මරණයට පත් කරන ඛේදවාචකයක්. මේ රෝග වැලඳීමට ප‍්‍රධාන හේතුව අපි කන බොන වස විස. ඒ නිසා පරක්කු වෙලා හරි ජනාධිපති ගෝඨාභය ගත්ත මේ තීන්දුව මෙරට පුරවැසියන් විදිහට අපි අගය කරන්න ඕනෑ.

‘‘මම ඉපදුණේ යටියන්තොට හද්ද පිටිසර කැලෑ ගමක. අපි පුංචි කාලේ ගමේ පුංචි අප්පු අයියා සෑම සිකුරාදාවකම සවසට කෙසෙල් කැන් ලොරියක් කොළඹට පැටෙව්වා. පුංචි අප්පු එහෙම කළේ එක කෙසෙල් ගහක්වත් වවලා නෙමෙයි. ගමේ කිසිම කෙනෙක් අක්කර ගණන් කෙසෙල් වගා කරලා තිබුණෙත් නෑ. ඒත් ගමේ සෑම ගෙවත්තකම කෙසෙල් පඳුරු දෙක, තුනක් තිබුණා. තම පවුලේ පරිභෝජනයට අරගෙන මාසෙකට කැන් දෙක තුනක් විකුණන්න ගමේ ගෙවතුවල කෙසෙල් ඵලදාව තිබුණා. ඒ රසායනික පොහොර බෙහෙත් භාවිතා කරලා නෙමෙයි. අඩුම තරමින් කොම්පෝස්ට් පොහොරවත් භාවිතා කරලා නෙමෙයි. ඉබේ වැටුණු කෙසෙල් කැන්. ඒ වගේම අපේ ගමේ කුඹුරුවලට පොහොර දැම්මේ නෑ. පොහොර නොදැම්මා කියලා අස්වැන්න අඩු වුණෙත් නෑ. අපි පුංචි කාලේ කාබනික පොහොර, රසායනික පොහොර කියන නම්වත් දැනගෙන හිටියේ නෑ. ‘වතුවැඩ’ පන්තියේදී පාසල් වත්තෙ අපිට වගා කරන්න පුරුදු කළා. ඒත් පොහොර භාවිතයක් ගැන අපිට ඉගැන්නුවේ නෑ. මම ඉපදුනේ 1951 අවුරුද්දෙ. ඒ කතා කළේ 1960 ට පෙර කාලය ගැන…’’

‘‘උසස් අධ්‍යාපනය හදාරලා රැුකියාවක් සොයමින් ඉන්නකොට ආචාර්ය ඇන්. එම්. පෙරේරා මට බැංකුවක රස්සාවක් දුන්නා. ‘මේක කෘෂිකාර්මික රටක්… මට ඕන කෘෂිකර්මයට සම්බන්ධ රැුකියාවක්’ කියලා බැංකු රැුකියාව ප‍්‍රතික්ෂේප කළා. පස්සෙ මාව වැවිලි කර්මාන්තයට යොමු කළා. මේ කාලය වෙනකොට වතුවලට රසායනික පොහොර යෙදීම පටන්ගෙන තිබුණා. තේ, රබර්වලට විතරක් නෙමෙයි, පොල්වතුවලටත් පොහොර දාන්න පටන්ගෙන තිබුණා. තේ, රබර්වලට මාස තුනෙන් තුනට පොහොර දැම්මා. දිලීර පාලනයට රසායනික බෙහෙත් භාවිතා කළා. වතුවල විශාල ගැටලූවක් වෙලා තිබුණ වල් පාලනයටත් රසායනික බෙහෙත් හඳුන්වා දුන්නා. මෙරට වගාවට රසායනික භාවිතය පුරුදු කළේ අධිරාජ්‍යවාදී රසායනික සමාගමක්…’’

‘‘එම බහුජාතික සමාගම හඳුන්වා දුන් ‘රසායනික දියර’ තේ වතුවලට ඉස්සම තේ ගහ හැර අනිත් සියලූම ශාක පැලෑටි විනාශ වුණා. ඒත් පොළොව දිගේ මුල් ඇදෙන ඉලූක් වගේ වල් ගස් එම රසායනික දියරවලින් පාලනය කරන්න බැරි වුණා. අන්තිමේ එවැනි වල් ගස් විනාශ කරන්නත් රසායනික බෙහෙතක් හඳුන්වා දුන්නා. ඒ බෙහෙත් පොළොව යටට කාන්දු වෙලා වල් ශාකවල මූල පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ කළා. එම රසායනික ද්‍රව්‍ය හඳුන්වාදීමත් සමඟ අදාළ බහුජාතික සමාගම වැඩමුළු පවත්වලා පාවිච්චි කරන ක‍්‍රමවේදයන් අපට පැහැදිලි කළා. වල් නාශක යොදන කම්කරුවන්ගේ ශරීරයේ තුවාල තියෙන්න බෑ. උදේ 07 ට වල් නාශක යෙදීම පටන්ගෙන දවල් 11 ට නතර කරන්න ඕනෑ. රසායනික බෙහෙත් ටැංකියේ රතු පැහැති කොඩියක් ප‍්‍රදර්ශනය කරන්න ඕනෑ. බෙහෙත් යෙදුව ප‍්‍රදේශයේ මිනි ඔළුවක් සහ ඇටසැකිල්ලක් ඇඳපු ඊට යටින් ‘මෙහි වස ගසා ඇත සතුන් ඇතුළු නොකරන්න’ සටහන් තැබූ දැන්වීම් පුවරුවක් ප‍්‍රදර්ශනය කරන්න ඕනෑ. රසායනික බෙහෙත් යෙ¥ ප‍්‍රදේශය මාස තුනක් යනතුරු කිසිදු සත්වයකුට ඇතුළුවීම තහනම්. මේ විදිහට පොළොවට යොදන වස භූගත ජලයට එකතු වෙයි, පොළොව යටින් ගිහින් වතුරට එකතු වෙයි කියලා කිසිම දවසක අපිට හිතුණේ නෑ. විශාල රසායනික ප‍්‍රමාණයක් මේ පොළොවට එකතු කළා. මේ රසායනික බෙහෙත් භාවිතයේ බරපතලකම තේරෙන්න පටන්ගත්තෙ එක්දහස්නවසිය අසූ ගණන්වල. ඒ මේ රට තුළ පිළිකා රෝගීන්, වගුකඩු

රෝගීන්ගේ සීග‍්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීමට පටන්ගැනීමත් සමඟයි. ඒ සමඟ මේ භයානක තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තරයේ මතයක් මතු වුණා. මම ඒ මතය සමඟ එකතු වුණා…’’

‘‘අග්නිදිග ආසියාවේ බත් කන මිනිසුන් ජීවත්වන රටවල්, සමකය අවට රටවල් යටත් කරගැනීමට අධිරාජ්‍යවාදීන් ක‍්‍රියාත්මක වුණේ ඒ රටවල වී ගොවිතැන විනාශ කිරීම තුළින්. එම කුමන්ත‍්‍රණයේ පළමු පියවර විදිහට එකී රටවලට අභිජනන වී හඳුන්වා දුන්නා. හියුගෝ චාවේස් මේ ව්‍යසනය දැකලා ජාත්‍යන්තර සහල් දම්වැලක් හැදුවා. එම සංවිධානයේ ශ‍්‍රී ලංකා නියෝජිතයා මමයි. එම පත්වීමත් සමඟ සහල් දම්වැලට අයත් සියලූ රටවල සංචාර කිරීමට මට අවස්ථාව උදා වුණා. අධිරාජ්‍යවාදීන් එම රටවල් ග‍්‍රහණය කරලා තියෙන ආකාරය මම සියැසින් දැක්කා. ඔවුන් ඒ රටවල අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කරමින්, කෘෂිකර්ම අධ්‍යාපන ක‍්‍රමයට ‘රසායනික කෘෂිකර්මය’ හඳුන්වාදී තිබුණා. ඒ තුළින් එම රටවල කෘෂිකාර්මික සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබුණා. අපේ රටෙත් ‘කෘෂි සංස්කෘතිය’ සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට බහුජාතික සමාගම් සූක්‍ෂමව ක‍්‍රියාත්මක වුණා. එහි ප‍්‍රතිඵලයක් විදිහට කෘෂි විද්‍යාව සම්බන්ධ විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු දේශීය ගොයම් ගහක් අඳුරන්නෙ නැති තරමට බුද්ධිය හීන වුණා. එතැනින් පහළ කෘෂිකර්ම නිලධාරීන් ගැන කතා කර ඵලක් නෑ. ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලූ නිලධාරීන් විශ‍්‍රාම

ගැනීමෙන් පසු රසායනික පොහොර, වල් නාශක, කෘමි නාශක හඳුන්වාදෙන මෙරට ප‍්‍රධාන බහුජාතික සමාගමේ සේවයට එකතු වෙනවා. එම සමාගමේ සේවය කරපු නිලධාරීන් කෘෂිකර්මයට සම්බන්ධ රාජ්‍ය ආයතනවල ප‍්‍රධාන නිලධාරීන් බවට පත් වෙනවා. බහුජාතික සමාගම්වලින් වරදාන ලබන මේ ආචාර්ය, මහාචාර්යවරු, කෘෂිකර්ම නිලධාරීන් සේරම එකතු වෙලා අපේ රටේ අසරණ ගොවීන්ව නොමඟ යැව්වා…’’

‘‘මේ රටේ ඉබේ හැදුණු වී වර්ග (ස්වයංජාත* බලහත්කාරයෙන් කුඹුරෙන් ඉවත් කරලා අභිජනනය කරපු වී වර්ග හඳුන්වා දුන්නා. ඒ වී වර්ගවලට විශාල වශයෙන් රසායනික අවශ්‍යයි. දැන් අපේ කුඹුරුවල තියෙන්නෙ රසායනික ඉල්ලා හඬන වී. අපේ දේශගුණයට ගැලපෙන දේශීය වී වර්ග නෑ. එවැනි පසුබිමක දේශීය වී ව්‍යාප්ත කරවීමේ සංවිධාන රට තුළ බිහි වෙන්න පටන් ගත්තා. එම සංවිධාන බිහිවීම පටන්

ගැනීමත් සමඟ ‘සහතික නොකළ බීජ වර්ග ළඟ තබාගැනීම බරපතල වැරැුද්දක්… එවැනි බීජ ළඟ තබාගෙන අත්අඩංගුවට පත් වුණොත් රුපියල් පනස්දහසක් දඩ, හය මාසයක් හිරේ’ මෙරට පාර්ලිමේන්තුවට පනතක් හඳුන්වා දුන්නා. රූපවාහිනියේ ඒ ගැන දිගින් දිගටම කතා කළා. අවසානයේ දේශීය බීජ වර්ග ව්‍යාප්ත කරවීමේ සංවිධාන බිඳ වැටුණා. ඒ අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණවල ප‍්‍රතිඵල…’’

‘‘රට තුළ ක‍්‍රියාත්මක වන විනාශකාරී මේ කුමන්ත‍්‍රණ පිළිබඳ ජනාධිපති ගෝඨාභය හොඳින් අවබෝධ කරගෙන හිටියා. දීර්ඝ කාලීන රසායනික භාවිතයත් සමඟ අපේ රටට වෙලා තියෙන විනාශය ජනාධිපති ගෝඨාභය තේරුම්ගෙන හිටියා. 2031 වෙනකොට මේ රට කාබනික රටක් බවට පරිවර්තනය කිරීම අරමුණු කරගෙන අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබාදීමට පස්දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කළා. එම කමිටුවේ මමත් එක් සාමාජිකයෙක්. මේ රටෙන් රසායනික වල් නාශක තහනම් කරනකොට ඊට එරෙහිව විලාප තැබූ මහාචාර්යවරයකුත් එම කමිටුවේ සාමාජිකයෙක් විදිහට කටයුතු කරනවා. ‘කාබනික

ගොවිතැන කරන්න බෑ’ කියලා එම කමිටුවේ එක් සාමාජිකයෙක් දැනටමත් කෑගහනවා. එවැනි දේශද්‍රෝහීන් සමඟ එකට ඉඳගෙන මේ රට කාබනික රටක් කරන්න බෑ. අධිරාජ්‍යවාදීන්ගේ දොලපිදේණිවලට යට වී මේ රට තවත් වසවලින් පිරවීමට අදාළ ආයතන, කමිටුවල ඇතැම් නිලධාරීන් කුමන්ත‍්‍රණ කරන පසුබිමක තමයි ගෝඨාභය ජනාධිපතිවරයා හිටි හැටියේ ‘යූ ටර්න්’ එක ගැහුවේ. ‘මේ තීන්දුව ගත්තා කල් වැඩියි… යූ ටර්න් ගහන්න මේක වෙලාව නෙමෙයි…’ බොහෝ අය චෝදනා කරනවා. නෑ… මේ රට මරණයෙන් ගලවාගැනීමට නම් කවදාහරි මේ තීන්දුව බය නැතිව ගන්න ඕන වුණා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වෙච්ච හැටියේ මේ තීන්දුව ගත්තා නම් වඩාත්ම හොඳයි. එතකොට මේ පරිවර්තනය සාර්ථක කරගන්න අවුරුදු පහක් තිබුණා. දැන් තියෙන්නෙ වසර තුනයි. ජනාධිපතිවරයාට තියෙන අනතුර වැඩියි. ඒත් දැන් තියෙන්නෙ අනතුරට මුහුණදීම. දැනටමත් අපේ මිනිස්සු අනතුර අඳුරගෙන කොම්පෝස්ට් හදන්න දඟලනවා. දියර පොහොර හොයනවා. කෘමි නාශක ගැන කතා කරනවා. උද්ඝෝෂණ කරනවා. චෝදනා කරනවා. බණිනවා. රණ්ඩු කරනවා. ඒවට ඉඩ දෙන්න ඕනෑ. අරගලය තුළ තමයි විසඳුම තියෙන්නෙ. මේකත් මානුෂීය මෙහෙයුමක්. මේක ලේසි පහසු මෙහෙයුමක් නෙමෙයි. අධිරාජ්‍යවාදීන් සමඟ කරන සටනක්. අරගෙන තියෙන මේ තීන්දුව නිවැරැුදි කියලා හිතන විද්වතුන්, රටේ ජනතාව මේ මොහොතේ ජනාධිපතිවරයාට ශක්තියක් වෙන්න ඕනෑ. මේ රට වස විසෙන් මුදවාගැනීමට මගේ උපරිම ශක්තිය යොදවනවා…’’

‘‘මේ රසායනික ගැටලූව අපේ රටට පමණක් තියෙන බලපෑමක් නෙමෙයි. ඉදිරියේදී ලෝකයටම බලපාන භයානකම ගැටලූව බව එක්සත් ජාතීන්ගේ සංගමය පවා හඳුනාගෙන තියෙනවා. එම ගැටලූවට පිළිතුරු සෙවීමට හොඳම රට ශ‍්‍රී ලංකාව බවත් එම සංගමය අවබෝධ කරගෙන තිබුණා. ඒකට හේතුව වුණේ යහපාලන රජය යටතේ පරිසර අමාත්‍යාංශය තිබුණේ මෛත‍්‍රිපාල ජනාධිපතිතුමා යටතේ. ලෝකයේ රටවල එහෙම දෙයක් වෙලා තිබුණේ අපේ රටේ විතරයි. ඒ අනුව 2019 වර්ෂයේ නොවැම්බර් මාසෙ 23 වැනිදා එක්සත් ජාතීන්ගේ

සංගමයේ කණ්ඩායමක් ලංකාවට පැමිණියා. පරිසර අමාත්‍යාංශය යටතේ වැඩසටහන් සූදානම් කළා. බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලාවේ දින තුනක පැවැති සාකච්ඡුාව ‘කොළඹ කතිකාව’ යනුවෙන් නම් කෙරුණා. අනාගතයේ යම් දවසක එම සාකච්ඡුාව කරළියට පැමිණෙනවා. එම කතිකාවේ මෙරට දේශකයා මමයි…’’

‘‘ලෝක විද්වතුන් ඉදිරියේ මම කිව්වේ එක දෙයයි. ‘ඇයි අපි රසායනික භාවිතා කරන්නෙ. සොබාවිකව නයිට‍්‍රජන් පොළවට ලැබෙනවා…’ වායුගෝලයේ තියෙන 78% ක් වූ නයිට‍්‍රජන්වලින් යම් ප‍්‍රමාණයක් ශාක පත‍්‍ර අවශෝෂණය කරගන්නවා. එම ශාක පත‍්‍ර පොළොවට වැටුණම ක්‍ෂුද්‍රජීවීන් කෑලි, කෑලිවලට කුඩු කරලා නයිට්රේට් මට්ටමට අරගෙන නැවත ශාකවලට

උරාගන්න පහසු කරනවා. දේශීය බීජවලට ඒ පොහොර හොඳටම ප‍්‍රමාණවත්. නිරන්තරයෙන් භූමිය ශුද්ධ කිරීමෙන් ක්‍ෂයවීම, සේදී යෑම තුළ එම පොහොර ප‍්‍රමාණය මදි වෙනවා. ඒකට විසඳුමත් අපේ රටේ තිබිලා තියෙනවා. ශාකවලට අවශෝෂණය කරගන්න බැරි නයිට‍්‍රජන් ප‍්‍රමාණය අකුණු මගින් නයිට්රේට් බවට පත් කරලා පොළවට ලබාදෙනවා. අකුණු ගහන කාලයට ශාක වැඩෙන්නෙ ඒකයි. ‘හෙණ ගහපන් ගණන් බලාපන්’ කියලා අපේ පැරැුන්නො කිව්වේ ඒකයි. අකුණු ගහන කාලයට වගාව සරුවට හැදෙන්න කල් යල් බලා වපුරලා තියෙන්න ඕනෑ. අපේ‍්‍රල්, මැයි බක්මහ අකුණුවලට වගාව දැඩි කරගන්න මාර්තු, අපේ‍්‍රල් වෙනකොට වපුරන්න ලෑස්ති වෙන්න ඕනෑ. ඒ එක්කම ‘අග වැස්ස’ වහිනවා. අව්වයි, වැස්සයි දෙකම. ඒ කාලය තුළ ක්‍ෂුද්‍රජීවීන්ට හොඳට ක‍්‍රියාත්මක වෙන්න පුළුවන්.

බිම් හී හෑම සමඟත් නියරත් කෙටුම
සති දෙක පසුව දෙහි හේ හීයත් සෑම
බඳිනා නියර යොදනා පොහොරත් සෑම
ගානා පෝරු මස තුළ බිම් සැකසීම

කලබලේ ගොවිතැන් කරන්න බෑ. මෙරට පාරම්පරික  ගොවිතැන තුළට ‘ක්‍ෂණික වගාව’ පුරුදු කළේ රසායනික සමාගම්. රටේ ගොවීන්ට එදත් මම කිව්වේ, අදත් කියන්නෙ වගා කරන්න රසායනික පොහොර අවශ්‍ය නෑ. වල් නාශක අවශ්‍ය නෑ. කෘමි නාශක ද අවශ්‍ය නෑ. කිව්වට තේරෙන්නෙ නැති නම්, දෑස් පෙනේ නම් ඇවිත් බලව අපේ ගොවිපළවලට. රුපියලක අය කිරීමක් නෑ. ඕනෑම ගුරුහරුකමක් තොපට මම දෙන්නම්. මම ඉපදී සිටින්නේ මහ පොළොව ආරක්‍ෂා කිරීමටයි…

(වස විස නැති ගොවිබිමකින් සරු අස්වැන්නක්  ලබාගන්නා හැටි අපි ඔබට ලබන සතියේ කියන්නෙමු.)

*  තරංග රත්නවීර

advertistmentadvertistment