අප ලබාදුන් නිදහස බොහෝ අය වැරදි ලෙස පාවිච්චි කරනවා – ජනපති ඇඹිලිපිටියේදී කියයි

231

එදා තිබුණු අඳුරු යුගය අද තරුණයෝ දන්නේ නෑ

මහවැලි රන්බිම ඉඩම් ඔප්පු ලක්‍ෂයක් ලබාදීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ඇඹිලිපිටිය මහවැලි ක‍්‍රීඩාංගණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේ ජනාධිපතිවරයා එම ප‍්‍රදානයක් කළ අවස්ථාවක්.

අගමැති මහින්ද රාජපක්‍ෂ, අමාත්‍යවරුන් වන චමල් රාජපක්‍ෂ හා නාමල් රාජපක්‍ෂ යන මහත්වරු හා ඉඩම් ඔප්පුලාභීහුද ඊට එක්ව සිටියහ.

සරච්චන්‍ද්‍රයන් වැනි සාහිත්‍යධරයන් කාණුවට දාලා ගහපු යුගයක් ද, නඩුකාරයන්ට ගල් ගහපු යුගයක් ද තිබුණා. එදා මැතිවරණ සිතියම අකුලපු යුගයක් තිබුණා. මේවා ගැන අද තරුණයන්ට අවබෝධයක් නැහැ. සමහර අයට ඒ යුගය අමතක වෙලා. ඒ වගේම මාධ්‍යවේදීන් මුහුදට ගිහින් අතඇරපු යුගයක් ද තිබුණා. විප්ලවවාදීන් කියලා මේ රටේ බස් ගිනි තියපු, කර්මාන්තශාලා ගිනි තියපු යුගයකුත් එදා තිබුණා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඇඹිලිපිටිය මහවැලි ක‍්‍රීඩාංගණයේ පැවති රන්බිම ඉඩම් ඔප්පු ලක්‍ෂයක් ලබාදීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

අද මමත් මගේ ආණ්ඩුවත් මේ රට පාලනය කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු වන ආකාරයටයි. ජනතාවගේ නිදහස තහවුරු වන ආකාරයට අපේ සංස්කෘතිය ආරක්‍ෂා කරමින් රට පාලනය කරන්නේ. සෑම දෙනකුටම අපි නිදහස දීලා තියෙනවා. අවාසනාවකට මේ නිදහස බොහෝ දෙනෙක් වැරදි විදිහට පාවිච්චි කරනවා. අපි බොහෝ යුගයන් පසුකරගෙන ආපු ජාතියක්. බොහෝ වෙලාවට අද ජීවත්වන තරුණ තරුණියන්ට මේ යුග ගැන අවබෝධයක් නැහැ. ඒගොල්ලො දැකලා නැහැ. පොලිසියේ හමුදාවේ සේවය කරපු පවුල්වල අය මරාදාපු යුගයක් තිබුණා. මෙවැනි යුග පහුකරලයි මේ තත්ත්වයට අපි ඇවිත් තියෙන්නේ.

අද අපිට බලපාල තිබෙන ලොකුම අර්බුදය විදේශ විනිමය අර්බුදයයි. කොවිඞ් වසංගතය නිසා සංචාරක ක්‍ෂේත‍්‍රයෙන් අවුරුද්දකට ලැබුණු ඩොලර් බිලියන 05 ක් අහිමි වුණා. පිටරටවල වැඩ කළ අපේ අයට ඒ රටවල රැුකියා නැතිවීම නිසා අපිට ලැබුණු ආදායම අහිමි වුණා. මීට පෙර පැවති රජයන් ගත් ණය අපිට ගෙවන්න වෙලා තියෙනවා. පසුගිය රජය කාලේ රුපියල් බිලියන 15 ක සුරැුකුම්පත් ණය ලබා ගත්තා. මේ සියලූම ණය අපි ගෙවන්න ඕනෑ. මේ ගත්ත ණය මුදල් සංචිතයට එකතු වුණෙත් නැහැ. ඒවායින් කිසිම සංවර්ධන ව්‍යාපෘතියකට වියදම් නොකර අනවශ්‍ය විදියට වියදම් කළා.

මෙන්න මේ හේතුන් නිසා තමයි මේ විදේශ විනිමය ප‍්‍රශ්න ඇති වුණේ. මගෙත් මේ ආණ්ඩුවෙත් මූල්‍ය කළමනාකරණ වැරැුද්දක් නිසා නෙවෙයි මේ අර්බුද ඇතිවුණේ. මේ වගේ අවස්ථාවක මම විශ්වාස කරන්නෙ රජයත්, විපක්‍ෂයත්, ජනතාවත් එකට එකතු වී කටයුතු කළ යුතුයි කියා. ලෝකයේම ආර්ථිකයට බලපෑම් ඇතිව තිබෙන මේ අවස්ථාවේ වැඩ වර්ජන, බොරු ප‍්‍රචාරයන් කරන වෙලාවක් නෙවෙයි. ඒ නිසා බොරු ප‍්‍රචාරයන්ට රැුවටෙන්න එපා කියා මා ඉල්ලා සිටිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment