අබලි වූ ලෑන්ඞ් රෝවර් යළි බැබළී

304

කටුබැද්ද පිහිටි ශ‍්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු මූලික වැඩපොළේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයන් ගේ දායකත්වයෙන් ”‍ලෑන්ඞ් රෝවර්”‍ වර්ගයේ ඩිෆෙන්ඩර් රථ නවීකරණය කිරීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කර තිබේ. මේ අනුව එම වැඩපොලේ සේවයේ නියුතු විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු බළකායට අයත් සෙබළුන්ගේ දායකත්වයෙන් නව්‍යකරණයට ලක් වූ ලෑන්ඞ් රෝවර් වර්ගයේ ඩිෆෙන්ඩර් රථ එකොළහක් යළිත් යුද හමුදා සේවයට එක් වීමට නියමිතය.
 
 ශ‍්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු මූලික වැඩපොළ තුළින් යුද හමුදාවේ ඇති සැහැල්ලූ‍ වාහනවලට අදාළ මූලික අලූ‍ත්වැඩියා කටයුතු සිදු කරන අතර ඊට අමතරව යුද හමුදාවට අයත් විවිධ වාහන සම්බන්ධයෙන් නවීකරණ කටයුතු සිදු කරනු ලබයි. මේ අනුව එම විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු මූලික වැඩපල තුළින් එක් මසක් තුළ දී දළ වශයෙන් යුද හමුදාවට අයත් වාහන
 
 12 ක පමණ අලූත්වැඩියා කිරීම් කටයුතු සිදු කරනු ලබයි. මේ අනුව 2021 වසරේ මැයි මස තුළදී ඉතා අබලි හා භාවිතාවට නුසුදුසු තත්වයේ පැවති වසර 30 කටත් වඩා පැරණි ලෑන්ඞ් රෝවර් වර්ගයේ ඩිෆෙන්ඩර් රථ එකොළහක් ඒවා නිෂ්පාදිත වර්ෂයන් තුළ පැවති මුල් තත්වයට ඉතාමත් සමාන වන ආකාරයෙන් සියලූ‍ම පහසුකම්වලින් අනූනව අති නවීන වාහනයකට සම වන අයුරින් නව්‍යකරණයට ලක් කර තිබේ. මෙලෙස අලූත්වැඩියාවට ලක්වන ඩිෆෙන්ඩර් රථ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිරීක්ෂණයට ලක්වූ අයුරු ඡුායාරූපයේ දැක්වේ

advertistmentadvertistment
advertistmentadvertistment