අභ්‍යවකාශයට වඩා පෘථිවිය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි – විලියම් කුමරු

292

ව්‍යාපාරිකයන් විසින් අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ වීමට පෙර පෘථිවිය බේරා ගැනීම සඳහා අවධානය යොමු කළ යුතු බව එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරු පවසා තිබේ. කේම්බි‍්‍රජ් හි ආදිපාදවරයාද වන විලියම් කුමරු බී. බී. සී. ප‍්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ විශිෂ්ට මනසක් ඇත්තවුන් ඉදිරි ජීවිතය ගත කිරීම සඳහා අවශ්‍ය ස්ථානය සොයා යාමට උත්සාහ නොගෙන පෘථිවිය නැවත සකස් කිරීමට උත්සාහ දැරිය යුතු බවයි.

 තරුණ පරපුර අතර දේශගුණික විපර්යාසය හේතුවෙන් හටගන්නා ‘දේශගුණික සාංකාව’ නමැති මානසික රෝග තත්ත්වයේ වැඩි වීමක් දක්නට ලැබෙන බවද විලියම් කුමරු මෙහිදී අනතුරු අඟවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment