අභියෝගයට ලක්වන අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතීන්

1818

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය පිළිබඳ කීර්තිමත් ඉතිහාසයක් ශ‍්‍රී ලංකාවට ඇත. ලෝකයේ සෙසු රටවල්ද අපේ අධිකරණ පද්ධතිය දෙස ගෞරවයෙන් යුතුව බැලූ උරුමයක් අපට තිබිණ.

එහෙත් කොවිඞ් උවදුර මධ්‍යයේ කඩිමුඩියේ සම්මත කරගත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා වූ 20 වන සංශෝධනය මම දකින්නේ, මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය නැමැති සුදු අහස වෙලාගත් අ`දුරු වළාකුලක් ලෙසිනි.

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ප‍්‍රධාන ආයතන පද්ධතීන් සමබරතාව නොබිෙඳන ලෙස පැවතීම, එකිනෙක අනෙකා අභිබවා සීමාවන් පැන අනෙකා යටපත් නොකර හැසිරීම, රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන්නේය. ඒ අතින් 20 වන සංශෝධනය සම්මත වූ දිනය මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම පිළිබඳ ඉතිහාසයේ කළු දිනයක් ලෙස මම දකින්නෙමි.

20 වන සංශෝධනයෙන් පසු පිහිටුවා ඇති පාර්ලිමේන්තු සභාවට ඇති බලය සැබැවින්ම කනගාටුදායකය. ඉහළ අධිකරණ විනිසුරන්ගේ පත්වීම්, උසස්වීම් මෙන්ම අධිකරණ සේවා කොමිසමේ සභාපතීත්වය හිමිවන අගවිනිසුරු හැර අනෙක් සාමාජිකයන් දෙදෙනා පත්කිරීමටද, 20 වන සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයාට අභිමත බලයක් තිබේ.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා තීරණ තුළින් බැ`දී නැත. පාර්ලිමේන්තු සභාව වෙත ජනාධිපතිවරයා එවන නම් ගැන කරුණු ඇතුව දක්වන විරෝධතාවන් සටහන් කොටගෙන කථානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යැවුණද, ඒ කිසිදු විරෝධතාවක් ගැන ධනාත්මක සැලකිල්ලක් මෙතෙක් ලැබී නැති බැව් දැනගන්නට ඇත. එම සභාව කිසිදු බලපෑමක් කළ නොහැකි තත්ත්වයකින් නිර්මාණය වූවක් වීම පැහැදිලිය.

20 වන සංශෝධනයට පෙර අධිකරණ සේවා කොමිසමේ සභාපති හැර අනෙකුත් සාමාජිකයන් දෙදෙනා විය යුත්තේ කවුරුන්ද යන්න ගැන පැහැදිලි ව්‍යවස්ථාමය තත්ත්වයක් තිබුණි. ඉහළම අධිකරණය හැර අනෙක් අධිකරණ විනිසුරන්ගේ පත්වීම්, උසස්වීම් ආදිය පිළිබඳ තීරණ ගැනෙන්නේ අධිකරණ සේවා කොමිසම මගිනි. එහි සංයුතියේ දී සභාපති හැර අනෙක් සාමාජිකයන් තෝරා ගැන්ම සම්බන්ධව ජනපතිට දැන් ඇති අභිමත බලය අධිකරණයේ ස්වාධීන පැවැත්ම සම්බන්ධව බරපතළ ගැටලූ ඇති කළ හැකි තත්ත්වයකි.

මේ අතර පසුගිය දිනෙක අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා විසින් අධිකරණ විනිසුරුවරුන් වෙත සම්මන්ත‍්‍රනයක් සඳහා සහභාගිවන ලෙස යවා තිබූ කැඳවුම් ලිපියක් විපක්ෂ මන්ත‍්‍රීවරයකු විසින් පාර්ලිමේන්තුවේ සභාගතකර තිබුණි. මෙම සම්මන්ත‍්‍රණයට අනිවාර්යයෙන්ම සහභාගි විය යුතු බව සහ සහභාගිවීමට අපොහොසත් වුවහොත් උසස්වීම්වලට, වැටුප් වැඩිවීම්වලට, විදේශ ශිෂ්‍යත්වයන්ට සහ විදේශ පුහුණුවීම්වලට කරන තෝරාගැනීම් වලදී එලෙස සහභාගි නොවීම සැලකිල්ලට ගන්නා බව අදාළ ලිපියේ සඳහන් කර ඇති බව අදාළ මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කර තිබුණි.

මෙම සම්මන්ත‍්‍රණයට සහභාගිවූ විනිසුරුවරු බොහෝ දෙනා අපේක්ෂාකර ඇත්තේ, මෙම සම්මන්ත‍්‍රණය අද රටේ පවතින කොවිඞ් තත්ත්වය මධ්‍යයේ අධිකරණ කටයුතු පවත්වාගෙන යෑම කෙසේවිය යුතුද යන්න ගැන සාකච්ඡා කිරීම සඳහා වන්නක් ලෙසිනි. එහෙත් ඒ වෙනුවට අධිකරණයේ ස්වාධීනත්වයට, නීතියේ ආධිපත්‍යයට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්මට බරපතළ හානි ගෙනදෙන ආකාරයේ කරුණු දැක්වීම් සිදුකර තිබීම ගැන සමාජ ජාලාවල මෙන්ම මුද්‍රිත මාධ්‍යවලද සාකච්ඡුාවට බ`දුන්වී තිබීම අපි දකින්නෙමු. මේ පිළිබඳව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය තම සභාපති සහ ලේකම්වරු දෙදෙනාගේම

අත්සනින් යුතුව අධිකරණ සේවා කොමිසමේ සභාපතීත්වය දරණ අගවිනිසුරුතුමන් සහ එහි සාමාජිකත්වය දරන විනිසුරුතුමන්ලා අමතා ඔවුන්ගේ ගෞරවණීය අවධානය යොමුකරන ලිපියක් අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට ද පිටපත් සහිතව යවා ඇත. මෙවන් ලිපියක් යැවීමට ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයට බලකෙරුණු තත්ත්වය ගැන බරපතළ කරුණු ඉදිරිපත් කිරීමක් එම ලිපියේ දැකිය හැක.

අධිකරණ තීන්දු ගැනීම් ගැන බලපෑම් සිදුකරන අන්දමින් පැවැත්වූ බව සඳහන් වන මෙවැනි සාකච්ඡුාවන් ශ‍්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ අපි කිසි දිනෙක අසා නොමැති තත්ත්වයකි.

කෙසේ වෙතත් සාමකාමී විරෝධතාවල නිරතවීම සහ රජයේ ප‍්‍රසාදයට හේතු නොවන ආකාරයේ වෙනස් අදහස් ප‍්‍රකාශ කිරීම් හේතුවෙන් අත්අඩංගුවට ගෙන දිගටම රඳවා ගැන්මට පොලිසිය කළ ඉල්ලීම් අධිකරණයන්හි කිහිපයක දී පිළිනොගෙන සිටීම සිදුව තිබේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14(ස) වගන්තිය යටතේ රටේ ජනතාව භාෂණයේ නිදහස හිමිකරදී තිබෙන හෙයින්, සත්‍ය තොරතුරු මත පදනම්ව අදහස් ප‍්‍රකාශ කිරීම රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් කරුණක් නොවන බවට පසුගිය දිනෙක මහෙස්ත‍්‍රාත්වරියක විසින් අධිකරණයේ දී අවධාරණය කර තිබීම මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

මේ අයුරින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් රටේ පුරවැසියන්ට සහතික කර ඇති, අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට එරෙහිව අත්අඩංගුවට ගැනීම්, රඳවා

තබාගැනීම්, වදහිංසා පැමිණවීම් ආදියට එරෙහිව මහෙස්ත‍්‍රාත් අධිකරණ විනිසුරන් කීපදෙනකු විසින්ම කර ඇති ප‍්‍රකාශ මෙන්ම දී ඇති තීන්දු තීරණ ගැන මාධ්‍ය මගින් දැනගන්නට ඇත.

අධිකරණයේ ස්වාධීණත්වය නැමැති අහස වෙලාගෙන ඇති 20 වන සංශෝධනය නම් වූ කළු වළාකුළු මැදින් යම් අපේක්ෂාවක් ඇති කරන රිදී රේඛාවක් ලෙස මේ තත්ත්වය මම දකින්නෙමි. 20 වන

සංශෝධනයෙන් පසු අධිකරණයේ ස්වාධීන හැසිරීම ගැන පාර්ලිමේන්තුව තුළ මෙන්ම ජනතාව අතරද ඇතිව තිබෙන ප‍්‍රශ්නාර්ථයන් මධ්‍යයේ මහෙස්ත‍්‍රාත් අධිකරණ වෙතින් මෙවැනි අදීන තීරණ ඇසෙන්නට ලැබීම ශ‍්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීණත්වය සම්බන්ධව අභියෝග තිබුණද තවදුරටත් බලාපොරොත්තු තබාගත හැකි තත්ත්වයක් ලෙසින් මම විශ්වාස කරන්නෙමි.

ආර්ථිකය මෙන්ම කොවිඞ් උවදුර කළමනාකරණය ඇතුළු ජනතාව මුහුණ දී ඇති අනේකවිධ දුෂ්කරතාවන්ට පිළිතුරු දී ගත නොහැකි අසමත් රජයක්, ජනතා කලකිරීම, කෝපය සහ විරෝධයට ප‍්‍රතිචාර දක්වන්නේ මර්දනය තුළින් බව පැහැදිලිය.

පසුගිය සති කිහිපය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස රජයේ වැරදි ක‍්‍රියාකලාපයන්ට විරෝධය දැක්වූ පෙරටුගාමී පක්ෂයේ චමීර කොස්වත්ත වැනි දේශපාලන ක‍්‍රියාකාරිකයන්, ජෝසප් ස්ටාර්ලින් වැනි වෘත්තීය සමිති නායකයන්, කීර්ති රත්නායක වැනි මාධ්‍යවේදීන් වසන්ත මුදලිගේ හා අමිල සන්ධීප වැනි ශිෂ්‍ය ක‍්‍රියාකාරකයන් රැුසක් අත්අඩංගුවට ගෙන රඳවා තැබීමට රජය කටයුතු කළ අයුරු අපි දුටුවෙමු. රාජ්‍ය යාන්ත‍්‍රණය පිළිබඳ රජයේ ක‍්‍රියාකලාපය ගැන අදහස් දැක්වූ එම ක්ෂේත‍්‍රයේ විවිධ අංශ නියෝජනය කරන අයවලූන්, පාස්කු ප‍්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කරන ලෙස හඩනගන ෂෙහාන් මාලක වැනි සමාජ මාධ්‍යජාලා ක‍්‍රියාකාරිකයන් මෙන්ම රජයේ දූෂිත සහ අසාධාරණ ක‍්‍රියාකලාපයන් ගැන සමාජ ජාලා මගින් නිර්භීතව අදහස් දැක්වූ තරිදු උඩුවෙගෙදර වැනි මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කිරීම්වලට සහ නොයෙකුත් ක‍්‍රමවලින් බියගැන්වීම්වලට ලක්කිරීමට රජය තම බලය අයුතු ලෙස පාවිච්චිකරන බව පැහැදිලිව දක්නට තිබේ.

රජයට විරුද්ධ මත දරන්නන් මෙන්ම ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් අදීනව පෙනී සිටින්නන් බිය ගැන්වීමට සහ දඩයම් කිරීමට ආරක්ෂක සේවාවන්ද යොදාගනිමින් රජය ගෙනයන අයුක්ති සහගතවූත්, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීවූත් ක‍්‍රියා පිළිවෙත්වෙල අවසානයක් දැකිය යුතුව ඇත.

අභියෝගයට ලක්වන අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතීන්
ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment