අභිරහස් උණකින් ඉන්දීය ප‍්‍රාන්තයක 50 දෙනෙක් මරුට

177

ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ පැතිර යන අභිරහස් උණ රෝගයකින් මේ වන විට 50 දෙනෙකු පමණ මිය

ගොස් ඇති බව වෛද්‍යවරු පවසති. මෙසේ මියගොස් ඇති අයගෙන් වැඩි දෙනෙකු කුඩා ළමුන් බව වාර්තා වී තිබේ.

මෙම උණ රෝගය පැතිර යෑමට පටන් ගෙන මේ වන විට සතියකට අධික කාලයක් ගත වී ඇතත් එම රෝගය මෙතෙක් නිශ්චිතව හඳුනාගැනීමට වෛද්‍යවරුන්ට නොහැකි වී තිබේ.

මෙම අභිරහස් උණ රෝගයේ රෝග ලක්ෂණ වශයෙන් හිසරදය, අධික උණ, හන්දිපත් රුදාව හා විජලනය හඳුනාගෙන ඇති අතර ඇතැම් රෝගීන්ගේ අත් හා පාදවල පලූ මතු වීමක් දක්නට ලැබෙන බව වෛද්‍යවරු සඳහන් කර ඇත.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment