අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ වැඩබලන මහානායක උදම්මිට අස්සජි තිස්ස නාහිමියෝ අපවත්වෙති

79

මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ වැඩබලන මහානායක උදම්මිට උත්තමාරාම පුරාණ විහාරාධිපති ශ්‍රී සංඝතිස්ස ධම්මාලංකාර ධර්ම විiාලාධිපති විනය කීර්ති ශ්‍රී ධම්මාලංකාර කවිධජ ශ්‍රී සද්ධර්ම ජෝතිකධජ ශාසන සෝභන, ලෝකත්ථචාරි අතිපූජ්‍ය උදම්මිට අස්සජිතිස්සාභිධාන නාහිමිපාණන් වහන්සේ 2023 ජනවාරි 27 වන දින උදෑසන අපවත්වී වදාළ සේක.

අපවත්වන විට අසූ දෙවැනි වියෙහි පසුවූ උන්වහන්සේගේ ශ්‍රී දේහය මේ වන විට මහජන ගෞරවය පිණිස උදම්මිට උත්තමාරාම පුරාණ විහාරයේ තැන්පත් කර තිබේ. නාහිමියන් වහන්සේගේ ශ්‍රී දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර ජනවාරි 30 වන සඳුදා එනම් අද දින සවස 2.00 ට උදම්මිට උත්තමාරාම පුරාණ විහාරස්ථානයෙන් නික්මෙන අතර ආදාහන පූජෝත්සවය පස්වරු 3.30 ට උදම්මිට ආචාර්ය කුලසිංහ මධ්‍ය මහා විදුහල් භූමියේදී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment