අම්මයි බාප්පයි එකතුවී වයස අවුරුදු 05ක දරුවෙකු මහ මග දමා ගොස් සිටියදී කුට්ටිගල පොලීසිය විසින් එම දරුවා පොලිස්භාරයට ගෙන ඇත. වයස අවුරුදු 5 ක පිරිමි දරුවෙකු වන මෙම දරුවා ඔවුන් පදිංචිව සිටි ඇඹිලිපිටිය පොලිස් වසමේ සිට කුට්ටිගල පොලිස් වසමට ගොස් මහමග දමා ගොස් තිබේ.
මව විසින් මෙම දරුවාට පහරදී තුවාල සිදු කර ඇති අතර කුට්ටිගල පොලිසිය විසින් දරුවා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කළ බවත් දරුවා අධිකරණ වෛද්‍යවරයා වෙතද ඉදිරිපත් කර ඇත.
දරුවාගේ මව වෙනත් විවාහයක් සිදු කරගෙන ඇති අතර එම විවාහයෙන් තවත් දරුවෙකු සිටින බව පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.
දරුවාගෙන් පොලීසිය ප්‍රශ්න කර ඇති අතර මව සහ බාප්පා විසින් ත්‍රි රෝද රථයකින් තමන් මහ මගට ගෙනත් දමා ගිය බවද පොලීසියට සදහන් කර ඇත.
|