අම්මේ මම ලෝකය දින්නා කියද්දී මගේ පපුව දාලා ගියා -දරුවෝ තුන්දෙනා ළං කරගන්න කියා – මම දිනුවා රත්තරන් කීවා

653

* අම්මේ මම ලෝකය දින්නා කියද්දී මගේ පපුව දාලා ගියා – දිනේෂ්ගේ මව සතුටු කදුළු වගුරවමින් කියයි

අම්මේ මම ලෝකය දින්නා කියද්දී මගේ පපුව දාලා ගියා -දරුවෝ තුන්දෙනා ළං කරගන්න කියා - මම දිනුවා රත්තරන් කීවා


* තාත්තා හිටියා නම් අද  එයා සතුටු වෙන හැටි මට මැවිලා පේනවා

* යුද්ධයේදී වෙඩි වැදිලත් පුතා නැවත හමුදාවට ගියා

අම්මේ මම ලෝකය දින්නා කියද්දී මගේ පපුව දාලා ගියා -දරුවෝ තුන්දෙනා ළං කරගන්න කියා - මම දිනුවා රත්තරන් කීවා

* දරුවෝ තුන්දෙනා ළං කරගන්න කියා මම දිනුවා රත්තරන් කීවා – සතුට දරාගන්න බැරිව
දරුවෝ තුන්දෙනාවත් බදාගෙන මම හොදටම ඇඩුවා – දිනේෂ්ගේ බිරිඳ නිශංකා මධුවන්ති

* මහත්තයාගේ ජයග‍්‍රහණයෙන් පස්සේ ගමේ අය රත්ඤ්ඤා  පත්තු කළා

අම්මේ මම ලෝකය දින්නා කියද්දී මගේ පපුව දාලා ගියා -දරුවෝ තුන්දෙනා ළං කරගන්න කියා - මම දිනුවා රත්තරන් කීවා

ජපානයේ පැවැත්වෙන පැරාලිම්පික් තරඟාවලියේදී හෙල්ල විසි කිරීමේ තරඟයෙන් ලෝක වාර්තාවක් තබමින් එහි රන් පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා යුද හමුදාවේ එච්.එම්. දිනේෂ් ප‍්‍රියන්ත හේරත් (35) ආබාධිත රණවිරුවා සමත් විය.

අම්මේ මම ලෝකය දින්නා කියද්දී මගේ පපුව දාලා ගියා -දරුවෝ තුන්දෙනා ළං කරගන්න කියා - මම දිනුවා රත්තරන් කීවා

දිනේෂ් ප‍්‍රියන්ත හේරත් ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමින් 2008 වසරේදී කිළිනොච්චිය ප‍්‍රදේශයේදී කොටි ත‍්‍රස්තවාදීන් සමග ඇතිවූ දරුණු සටනේදී වෙඩි වැදී වම් අත අප‍්‍රාණිකව පසුවෙන්නකි.

අම්මේ මම ලෝකය දින්නා කියද්දී මගේ පපුව දාලා ගියා -දරුවෝ තුන්දෙනා ළං කරගන්න කියා - මම දිනුවා රත්තරන් කීවා

කිරුළ දිනාගැනීමෙන් පසු දිවයින ඔහු ජීවත්වන සේනපුර කාගම පාසල් මාවතේ නිවස වෙත පියනැගුවෙමි. අප එහි යනවිටත් දිනේෂ්ගේ මව, බිරිඳ සහ දරුවන් තිදෙනාද දැඩි සන්තෝසයෙන් සිටින අයුරු දිස්වූහ. එ් දිනේෂ්ගේ ජයග‍්‍රහණය හේතුවෙනි.

අම්මේ මම ලෝකය දින්නා කියද්දී මගේ පපුව දාලා ගියා -දරුවෝ තුන්දෙනා ළං කරගන්න කියා - මම දිනුවා රත්තරන් කීවා

දිනේෂ් ප‍්‍රියන්තගේ මව වන වයි. එම්. කමලාවතී මහත්මිය (60) තම පුතුගේ මෙම වීර වික‍්‍රමාන්තිය පිළිබ`ද අප හා දොඩමළු වෙද්දීත් ඇයගේ දෑසින් සතුටු ක`දුළු වැගිරෙමින් තිබුණි..

අම්මේ මම ලෝකය දින්නා කියද්දී මගේ පපුව දාලා ගියා -දරුවෝ තුන්දෙනා ළං කරගන්න කියා - මම දිනුවා රත්තරන් කීවා

-”‍ මට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. ප‍්‍රියන්ත පුතා දෙවැනියා. දරුවන් කුඩා කාලයේදීම එච්. එම්. ලොකුබණ්ඩා වන මගේ සැමියා මියගියා. එම නිසා මේ තුන්දෙනා හදාගන්න මම ගොඩාක් දුක් වින්දා. ඉතින් අද මගෙ පුතාගෙ මේ දස්කම් දකින කොට එදා මම දරුවන් රැක ගන්න වින්`ද දුක අමතක වෙලා පුදුම සතුටක් දැනෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිනේෂ් ප‍්‍රියන්තගේ මව මෙලෙස ද පැවසුවාය.-

පුතා පොඩි කාලේම එයාගේ අප්පච්චි නැති වුණාට පස්සේ දරුවන් හදාගන්න පවුලේ ඥාතීන් ද මට උදව් කළා. පුතාලා කාගම පාසලට ගියේ. ප‍්‍රියන්ත පුතා පොඩි කාලේ ඉදලම කියන දේ හොදටම අහනවා. ගෙදර අගහිගකම් නිසා අවුරුදු විස්සේදී පුතා හමුදාවට බැදුණා. හරිම හිත ධෛර්යය දරුවෙක්. යුද්ධයේදී වෙඩි වැදිලත් නැවත හමුදාවට ගියා. මීට ඉස්සෙල්ලත් පැරාලිම්පික්වලින් පදක්කම් ගත්තා. හරිම විනය ගරුක දරුවෙක්. මට හරිම ආදරෙයි. මේ පාර තරඟය දිනලා ”‍ අම්මේ මම ලෝකයෙන්ම පළමු වැනියා වුණා කියලා දුරකථනයෙන් කියද්දි මගෙ පපුව දාලා ගියා. මට මගේ පුතාලගේ අප්පච්චි මතක් වුණා. පුතාලගෙ අප්පච්චි හිටියානම් අද සතුටු වෙන හැටි මට මැවිලා පේනවා. එයා අපිට කොහේ හරි ඉදලා ආශිර්වාද කරනවා ඇති. පුතාගෙ මේ ගමනට යුද හමුදාවෙන් උදව් කළා. ක‍්‍රීඩා ඇමැතිතුමත් උදව් කළා. ඒ හැමෝටම මම ස්තූති කරනවා.

ලෝක ශූර රණවිරු දිනේෂ් ප‍්‍රියන්තගේ බිරිඳ වන නිශංකා මධුවන්ති (34) මහත්මිය ද දිවයිනට අදහස් පළ කළාය.

”‍ අපි දෙන්නා නෑනා මස්සිනාලා. දිනේෂ්ගේ තාත්තා පාසල් අවදියේදීම නැතිවුණා. ඊට පස්සේ අම්මාගේ සහෝදරයෙකුගේ ගෙදර තමයි ජීවත්වුණේ. එතැනදී තමයි දිනේෂ්ව මට මුලින්ම හමුවුණේ. 2008 වසරේදී තමයි කිලිනොච්චියේ ක‍්‍රියාන්විතයේ ඉන්න කාලේ එයාව ආබාධයට ලක්වුණේ. අපි දෙන්නා කසාද බැන්ෙ`ද් 2009දී. දිනේෂ් ආබාධිත වුණා කියලා මම එයාව දාලා ගියේ නැහැ. එයා හොඳ ගතිගුණ තියෙන කෙනෙක්. අපිට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. ලොකු පුතාට අවුරුදු දහයයි. ලොකු පුතා කාගම ධාතුසේන මහා විද්‍යාලයට යන්නේ. අනෙක් දෙන්නා තාම පාසල් යන්නෙ නැහැ. අපි දෙන්නම පාසල් ගියේ සේනපුර, කාගම ධාතුසේන මහ විද්‍යාලයට. දරුවන්ට හො`දින් ඉගැන්වීමත් මහත්තයා රැකබලා ගැනීමත් තමයි මගේ එකම බලාපොරොත්තුව. දිනේෂ් මුලින්ම අම්මාට කතා කරලා කිව්වා අම්මේ මම ලෝකෙන්ම පළවෙනියා වුණා කියලා. ඊට පස්සේ මට කතා කළා. දරුවෝ තුන්දෙනා ළං කරගන්න කිව්වා. මම දිනුවා මගේ රත්තරන් මම දිනුවා කිව්වා. ඇත්තටම එ් වෙලාවේ මට ආව සතුට දරාගන්න බැරිවුණාා. අපි ඔක්කෝම එකට බදාගෙන සතුට දරාගන්න බැරිව ඇඬුවා. මේ ආරංචිය දැනගත්තු වෙලේ ඉඳලා අපේ ගෙදරට ගොඩක් ගමේ අය එන්න ගත්තා. ඔවුන් දිනේෂ්ට සුභපැතුවා. එයා මේ ජයග‍්‍රහණය ස`දහා ගොඩාක් කැපකිරීම් කළා. මගේ පුංචි පුතාට වයස මාස 4යි. රෝහලෙන් අපව ගෙදර ගෙන ඇවිත් කෑම්ප් එකට ගිහින් යළි ගෙදර ආවේ මීට මාසයකට පමණ පෙරයි. එයා රටට මේ පදක්කම දිනා දෙන්න දරුවන් පවා බලන්න නෑවිත් පුහුණුවීම් ස`දහාම එම කාලයත් කැප කළා. මමත් එයාට කිසිම විටක කරදයක් නොවී එයාගේ ජයග‍්‍රහණයේ ගමන යන්න මට පුළුවන් උපරිම සහාය දුන්නා. එදා අපි හැමෝම රූපවාහිණියෙන් තරගය නැරඹුවේ ලොකු බලාපොරොත්තුවකින්. එයාගේ ජයග‍්‍රහනයෙන් පස්සේ ගමේ අය රත්ඤ්ඤා පත්තු කළා. යුද හමුදාවෙන් අපිට මේ ඉන්න ගෙදර හදලා දුන්නා. තව ඉතිරි වැඩ ටිකක් තියෙනවා. මගේ මහත්තයාගේ ජයග‍්‍රහණය ගැන මට හරිම සතුටුයි.”‍

කැකිරාව සුදත් ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment