අමු තේ දළු සපාකමින් රත්නපුර කුඩා තේවතු හිමියෝ රජයට විරෝධය පළ කරති

299

පොහොර ආනයනය නැවැත්වීම නිසා ලංකාවේ වැඩිම කුඩා තේ වතු හිමියන් සංඛ්‍යාවක් සිටින රත්නපුර දිස්ත‍්‍රික්කයේ තේ කර්මාන්තය බි`දවැටෙමින් පවතින බවත් එයට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණයකදී කුඩා තේ වතු හිමියෙක් අමු තේ දළු සපා කෑවේය. අමු තේ දළු කමින් ඔහු පැවසුවේ තේ වගාවට රසායනික පොහොර භාවිතය නිසා අහිතකර තත්ත්වයක් හෝ ශරීරයට සෞඛ්‍ය ප‍්‍රශ්නයක් ඇති නොවන බවයි. සුදු පාලකයින්ගේ කාලයේ සිටම තේ වගාවට රසායනික පොහොර යෙදූ නමුත් ලෝකයේ කිසිදු රටක් ලංකාවේ තේ නුසුදුසු බව පවසා නැති බව එම කුඩා තේ වතු හිමියා පැවසීය. පැල්මඩුල්ල හෙට්ටිකන්ද ප‍්‍රදේශයේදී සෙනසුරාදා 25 වනදා මෙම උද්ගෝසනය පැවැත්විණ. සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරුණ ලියනගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම උද්ඝෝෂණයට පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සුනිල් සෝමරත්න මහතා ඇතුළු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් පිරිසක් ද කුඩා තේවතු හිමියන් පිරිසක් ද එක්වි සිටියහ.

කහවත්ත සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment