අඹ ගෙඩි 03ක්,මල් මාලයක් ලක්ෂ 10ට වෙන්දේසි වේ

217


වවුනියාව ගනේෂපුරම් ශ්‍රී සිත්තිවිනායගර් කෝවිලේ 21 වැනිදා රාත්‍රියේ පැවති තිරුවිලා දේව මෙහෙය උත්සව අවස්ථාව අතරතුරදී පැවති වෙන්දේසියකදී අඹ ගෙඩි තුනක් හා මල් මාලයක් රුපියල් ලක්ෂ 10 ක මුදලකට වෙන්දේසි වු බව කෝවිල් පාලක සභාව පවසයි.

ශ්‍රී සිත්තිවිනායගර් කෝවිලේ දෙවියන් වෙනුවෙන් යාඥා කොට පූජාකරමින් දේව මෙහෙයන් පැවත්වීමෙන් අනතුරුව පැවති වෙන්දේසියේදී වේන්දේසි භාණ්ඩ අතර තිබූ අඹ ගෙඩි තුනක් හා මල් මාලයක් එලෙස රුපියල් ලක්ෂ 10 ක මුදලකට වෙන්දේසි වි ඇත.

ගනේෂපුරම් ප්‍රදේශයේ පදිංචි සබරිරාජන් නමැති දරුවෙකු විසින් අදාළ මුදල වෙන්දේසියේදී ඉල්ලීම් කොට ඇති අතර දරුවාගේ දෙමාපියන් හා විදේශගත ඥාතීන් විසින් වෙන්දේසියේදී අඹ ගෙඩි තුන වෙත රුපියල් ලක්ෂ 10 ක ලන්සුව තබා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment