අයන්න කියන්න  ලොවටම ඇහෙන්න…

1240

පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරුන් 225 දෙනාගේ දත්ත පද්ධතියක් සකස්කර ගැනීමේ අවශ්‍යතාව මතුවී තිබේ. මේ සඳහා මන්ත‍්‍රීවරුන්ගෙන් අධ්‍යාපන සුදුසුකම් සහ වෙනත් තොරතුරු ඉල්ලන ලද අතර මන්ත‍්‍රීවරුන් 225 දෙනාගෙන් 45 ක් අදටත් එම තොරතුරු ලබා දී නැත. ශ‍්‍රී ලංකාවේ පවතින්නේ නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයකි. මහා මැතිවරණයට පෙර පා පැදියකින් ගමන් කරන සිහින් බට පතුරක් වැනි අපේ මහජන නියෝජිතයා අපේ ගෙදරට පැමිණ අපේ කුස්සියත් අතුගා පස්සත් ලෙවකා අපෙන් ඡුන්දය ඉල්ලයි. ඒ වෙලාවේදී මේ නියෝජිතයා ඉස්කෝලේ ගියාද නැද්ද යන්න ගැන අහන්නට අපට මතක් වෙන්නේ නැත. අප ඉන්නේ තිබෙන ආණ්ඩුවට කෙලවා වෙනත් ආණ්ඩුවක් පත්කර ගැනීමේ චූන් එක පිටය. මේ නිසා අපි ඇස් වසා ගෙනම ගොස් ඡුන්ද කොළය දිගහැර මොහොතකට ඇස් ඇර ඔහුට කතිරය ගසන්නෙමු. අප විසින් කවුන්සලයට යවන ලද එකා බොහෝවිට නොම්බර එකේ කසිප්පුකාරයකු, ස්ත‍්‍රී ¥ෂකයකු හෝ පල් හොරකු බව අපට දැනගන්නට ලැබෙන්නේ අලූත් ආණ්ඩුවක් පත්වී අවුරුද්දක් පමණ යන විටය. මෙවිට අපි වහ වහා පාර්ලිමේන්තුවට දිව ගොස් මන්ත‍්‍රීතුමාගේ අධ්‍යාපන සුදුසුකම් සහ වෙනත් සුදුසුකම් ඉල්ලා සිටිමු. මන්ත‍්‍රීවරුන් පිළිබඳ ෘ්ඒ ඊ්ිැ එකක් සෑදීමට පාර්ලිමේන්තුව තීරණය කළේ මෙන්න මේ අවශ්‍යතාව සම්පූර්ණ කරනු පිණිසය. එහෙත් එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට අවශ්‍ය කරුණු සපයා දීමෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 45 දෙනකු වැළකී සිටීම පිටුපස කිසියම් හොරයක් තිබෙන්නට පුළුවන. පංගුවක් වෙලාවට ඒ අය ඉස්කෝලේ ගියාට නොගියාක් මෙන් ඔළුව හදාගෙන සිටින අයවලූන් විය යුතුය. එහෙමත් නැත්නම් ඔවුන් ඉස්කෝලේ ගොස් ඇත්තේ ගංවතුර කාලයේදී පමණි. ගංවතුර වැනි ස්වභාවික ව්‍යසනයන් පවතින අවස්ථාවලදී ඉස්කෝල තුළ අනාථ කඳවුරු පිහිටුවන ලැබේ. අපේ මන්ත‍්‍රීතුමා ළමා කාලයේදී එම කඳවුරක රැුකවරණය ලැබුවේ නම් සංඛේතාත්මකව ඉස්කෝලේ ගිය බවක් කීමට පුළුවන.

 ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ සිටින අපේ මන්ත‍්‍රීවරුන් ඇතැම් විට කතා කරන දේවල් දිහා බලා සිටීමේදී අපට පෙනී යන්නේ ඔවුන්ගේ සාමාන්‍ය දැනීම, භාෂා දැනුම, වචන උච්චාරණ හැකියාව ඉතා පහත් මට්ටමක පවත්නා බවය. එහෙත් පුදුමය වන්නේ ශ‍්‍රී ලංකාව සාක්ෂරතාව වැඩිම ජනතාවක් සිටින රටවල් අතරින් එකක් වීමය. ඔබත් අපත් දන්නා පරිදි, ලිවීමට සහ කියවීමට තිබෙන හැකියාව සාක්ෂරතාව යනුවෙන් හඳුන්වනු ලැබේ. අපේ මන්ත‍්‍රීවරු සියලූම දෙනා අකුරු දන්නා බවට කිසිදු තර්කයක් නැත. ඒත් එම අකුරු එකතු කර වචන සෑදීමටත් එම වචන පාවිච්චි කරමින් තර්කානුකූල ලෙස කතා කිරීමටත් උන්නැහේලා දනිත් දැයි අපි නොදනිමු. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සභා ගැබේදී කියන කුණුහරුප කතා ඉතාම පහත් ය. කාන්තාවන් සම්බන්ධයෙන් ඇතැම් මන්ත‍්‍රීවරුන් කියන කුණුහරුප, එක් මන්ත‍්‍රීවරයකු තවත් මන්ත‍්‍රීවරයකුට අපහාස කරන ආකාරය, තද වුණ විට කියන වල් කතා යන සියල්ල කිසිසේත් අමතක කළ යුතු නැත. ප‍්‍රසන්න රණවීර මන්ත‍්‍රීතුමා පාර්ලිමේන්තුවේදී මිරිස් කුඩු ගැසුවේය. ඔහු ඇසිඞ් ගැසුවත් මේ තිබෙන සංස්කෘතිය තුළ, ඒ ගැන කවුරුවත් වගකින්නට අවශ්‍ය නැත. මේ රටේ වර්තමාන පාර්ලිමේන්තුවේ පරිහානිගත ස්ථරය පෙන්වීම සඳහා යොදාගත හැකි හොඳම උදාහරණය ජනක තිස්සකුට්ටිආරච්චි මන්ත‍්‍රීතුමා පාර්ලිමේන්තුව තුළදී වම්බොටු සංඛේත කරගෙන කියූ කතන්දරයයි. රංජන් රාමනායක පාර්ලිමේන්තුවේදී පැවැත්වූ ගොන් කතා ඉතා පිළිකුල් සහගතය. මර්වින් සිල්වා ද පාර්ලිමේන්තුවේ සිටියදී අසැබි ලෙස හැසිරී තිබේ. ඔහු මන්ත‍්‍රී භික්ෂුවකගේ පුද්ගලික අංශය අතින් මැ`ඩ මහත් වූ වේදනාවක් මුදා හැරියේය. ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය automatic අධ්‍යාපන ක‍්‍රමයකි. පළවන වසරට යන ළමයා ඔටෝමැටිකවම නොඑසේ නම් ස්වයංක‍්‍රීය ලෙසම 11 පංතිය දක්වා ඉස්සරහට යයි. සෑම පංතියකින්ම ඊළඟ ඉහළ පන්තියට ඔහු නිකන්ම දමනු ලැබේ. එහෙත් 11 පංතියේ ඕලෙවල් විභාගයේදී කොල්ලා හිර වන්නේය. ඕලෙවල් විභාගය දෙපාරක් අසමත් වී කිසියම් කෝර්ස් එකක් කිරීමට අධ්‍යාපන ආයතනයකට යන ඔහු ගෑනු ආස්සරය සහ මත් පැන් නිසා එයටද කෙලවා ගනී. මේ කොලූවාගේ පියා දේශපාලනඥයකු නම් පළාතේ ඊළඟ මන්ත‍්‍රීකම කොලූවාට හිමි වෙයි. අපේ නරක කාලය එළඹෙන්නේ මෙහිදීය. තාත්තා ගමෙන් භාගයක් කෑ අතර පුතා සූදානම් වන්නේ ගමේ ඉතිරි භාගයට කෙළීමටය. මේ නිසා ඔහු ගම කා රට කමු යන විඥ්ඥානයට මාරුවෙයි. හරියට සෙට් වුණොත් දේශපාලනයෙන් ගොඩ ඒම ඉතාම සුළු කාරණයකි. වැඬේ වැරදී හිරේ විලංගුවේ වැටෙන දේශපාලනඥයන් පිරිස ඉතා ස්වල්පය. මේ අතර හරියන එකාටත් අධ්‍යාපනික සුදුසුකම් නැත. වරදින එකාගේ තත්ත්වයද එයමය. අවසානයේදී සිදුවන්නේ පාර්ලිමේන්තුවෙන් අධ්‍යාපන සුදුසුකම් ඉල්ලන විට මන්ත‍්‍රීවරුන්ට සැඟවීමට සිදුවීමය. මන්ත‍්‍රී මණ්ඩලයට එන එකා අඩුම ගණනේ ඕලෙවල් වත් පාස් කළ යුතු බව මෙයට බොහෝ කලකට පෙර අපි මතයක් වශයෙන් ඉදිරිපත් කළෙමු. එහෙත් කිසි කෙනෙක් ඒ ගැන එදා තැකුවේත් නැත. අද තකන්නේත් නැත. හෙටද නොතකනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment