අයර්ලන්තයට තියුණු ජයක්

151

අයර්ලන්තය සහ එංගලන්තය අතර මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ඊයේ (26 වැනිදා) පැවති තරගයෙන් ලකුණු 05 ක ජයග්‍රහණයක් අයර්ලන්තය කණ්ඩායමට හිමි විය.

වර්ෂාව හේතුවෙන් තරගයට වරින්වර බධා එල්ල වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දු වාර 14.3 කදී තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ එංගලන්තය ජයග්‍රහණයට වඩා ලකුණු 05 ක් මෙපිටින් සිටියේය.

අයර්ලන්තය පන්දුවාර 19.2 ක් තුළදී සියලු දෙනා දැවී ලකුණු 157 ක් රැස් කළ අතර එංගලන්තය තරගය නතර කරන විට කඩුලු 05 ක් දැවී ලකුණු 105 ක් රැස් කර ගෙන සිටියේය. අයර්ලන්තය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ඇන්ඩෘ බැල්බ්රින් පන්දු 47 කදී ලකුණු 63 ක් රැස් කළ අතර එම දක්ෂතාව හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානය ද හිමි විය. එංගලන්තය වෙනුවෙන් ඩේවිඩ් මලාන් ලකුණු 35 ක් සහ මොයින් අලී නොදැවී ලකුණු 24 ක් ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment