2024 විස්සයි-20 ආසියානු ක්‍රිකට් ශූරියන් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවට වාර්තා වේ.
ඒ අනුව තරග දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලිය යටතේ අගෝස්තු 11 වැනිදා පළමු විස්සයි-20 තරගය ආරම්භ වීමට නියමිත අතර එහි දෙවැනි තරගය 13 වැනිදා පැවැත්වීමට නියමිතය.
මෙම විස්සයි-20 තරගාවලියෙන් අනතුරුව පළමු එක්දින තරගය අගෝස්තු 16 දාත්, දෙවැනි තරගය 18දාත්, තෙවැනි සහ අවසාන තරගය 20 වැනිදාත් පැවැත්වීමට සැලසුම් කර ඇත.
දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය 2022- 2025 අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතාවට අදාළව පැවැත්වීමට නියමිත අතර, තරගාවලියට සහභාගි වන සංචිතය එළඹෙන 06 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 16 දෙනකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තුහට හිමි වී තිබේ.
ශ්‍රී ලංකා සංචිතය:
චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීශා දිල්හාරි, නිලක්ෂි සිල්වා, අනුශ්කා සංජීවනී, කාව්‍යා කාවින්දි, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කෞශල්‍යා, සුගන්දිකා කුමාරි, සචිනි නිසංසලා, ඉනෝශි ප්‍රනාන්දු, ශහිනි ගිම්හානි, අමා කාංචනා සහ කෞශිනී නුත්‍යාංගනා.
සිසිර ඉන්ද්‍රජිත්