ඖෂධ හිඟය අවසන් කිරීම සඳහා අය-වැයෙන් ප්‍රමාණවත් මුදල් වෙන් කර තිබියදී රෝහල් තුළ ඖෂධ 200කට ආසන්න ප්‍රමාණයක් තවදුරටත් හිඟව පැවැතීම කනගාටුවට කරුණක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා බාල ඖෂධ ගෙනඑන විට නිහඬව සිටි වත්මන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු පුද්ගලයන් සෞඛ්‍ය සේවාවේ මුල් පුටුවල තබා ගනිමින් සෞඛ්‍ය සේවාවේ දූෂිත නිලධාරිවාදයට එරෙහිව සටන් කිරීමට වත්මන් ජනපතිවරයාට නොහැකි බව එම සන්ධානයේ සභාපති විශේෂ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
ඖෂධ නියාමන අධිකාරියේ හා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ වර්තමාන පරිපාලනය යටතේ ද මෙරට වෛද්‍ය සැපැයුම් නියාමනය සහ බෙදා හැරීම යාවත්කාලීන කිරීමට අසමත්ව ඇතැයි හෙතෙම චෝදනා කරයි.
ඇතැම් ඖෂධ හේතුවෙන් දිගින් දිගටම සංකූලතා මතුවන විටත්, නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඖෂධ නියාමන අධිකාරිය ගුණාත්මක භාවයෙන් ඉහළ ඖෂධ ගෙන්වා ගැනීම සඳහා තත්ත්ව පාලන රසායනාගාරයක් ස්ථාපිත කිරීමට හෝ මේ දක්වා කටයුතු කර නැතැයි ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා චෝදනා කරයි.
සුජීව තත්සර