අයවැය පුස් වෙඩිල්ලක්?

267

* පේරාදෙණිය විශ්වවිසාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ආනන්ද ජයවික‍්‍රම

 මුදල් ඇමැතිරයා විසින් 2022 වර්ෂයට අදාළ අයවැය ලේඛණය පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේයං මේ වන විට එහි දෙවන වර කියවීමට අදාළ සාකච්ඡුා හා විවාද ආරම්භ වී ඇතං අලූත් අයවැය රටට කෙසේ බලපාන්නේ ද යන්න පිළිබඳව විවිධ පාර්ශ්ව මේ වන විට අදහස් ඉදිරිපත් කරමින් සිටීං අයවැය පිළිබඳ විද්වත් විශ්ලේෂණයක් පාඨකයන් වෙත ඉදිරිපත් කිරීම බෙහෙවින් යෝග්‍යය බව වටහා ගත් අප ඒ සම්බන්ධයෙන් කතා කිරීමට රාජ්‍ය මූල්‍ය හා අයවැය විශ්ලේෂණය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ආනන්ද ජයවික‍්‍රම මහතා සම්බන්ධ කරගත්තේයං අප යොමු කළ ප‍්‍රශ්නවලට මහාචාර්යවරයා දැක්වූ ප‍්‍රතිචාරය මෙසේයං

 2021 වර්ෂයට අදාළ සංශෝධිත රජයේ සමස්ත ආදායම රුග බිලියන 1561කිං 2022 වර්ෂයේදී රැුස්කර ගැනීමට අපේක්ෂිත රජයේ සමස්ත ආදායම රුග බිලියන 2284 කිං ඒ අනුව 2021 වර්ෂයට සාපේක්ෂව රජයේ ආදායම රුග බිලියන 723කින් 2022 දී වැඩි කරගත යුතුව ඇතං එයින් රුග බිලියන 662ක් බදු ආදායම වැඩි කරගැනීමෙන්ද තවත් රුග බිලියන 56ක් බදු නොවන ආදායම් වැඩි කර ගැනීමෙන්ද ලබාගැනීමට අපේක්ෂිතයං ඒ සඳහා ආදායම් බදු ආදායමේ 68‍්‍රක ඉහළ යෑමක්ද භාණ්ඩ හා සේවා මත බදු ආදායමේ 59‍්‍රක ඉහළ යෑමක්ද අපනයන බදු ආදායමේ 21‍්‍රක ඉහළ යෑමක් ද අවශ්‍යයිං ඒ අනුව භාණ්ඩ හා සේවා මත අය කරන බදු ආදායමෙහි 79‍්‍රක වර්ධනයක් ඉදිරි වර්ෂය තුළ අපේක්ෂිතයිං මෙය දුප්පත් ජනතාවට හා පහළ ආදායම් ලබන ජනතාවට ඉතාම නරක විදිහට බලපානවාං

 මේ වන විට 2022 වර්ෂයට අදාළ රජයේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවාං එහි ගුණදොස් ගැන කතා කිරීමට ප‍්‍රථම මොකක්ද මේ අයවැය ලේඛනය කියන්නේ එයින් රටට හා ජනතාවට එහි ඇති වැදගත්කම කෙටියෙන් පැහැදිලි කිරීමක් කළොත්?

 ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් සහිත හා වෙළෙෙ`දපොළ අර්ථ ක‍්‍රමයක් පවතින රටක ආර්ථිකය හැසිරවීමේ මෙහෙයුම්කරු රජයයිං පෞද්ගලික අංශය බොහෝ ආර්ථික කටයුතු සිදු කළත් සැමට එකඟවිය හැකි හා සැමට සාධාරණ වූ ඉදිරි දැක්මක් සහිතව තෝරාගත් ඉලක්කයන් වෙත ආර්ථිකය මෙහෙයවීමේ නෛතික බලයල මූල්‍යමය හැකියාව හා මෙහෙයුම් ධාරිතාව තිබෙන්නේ රජයටං එතකොට රජය මෙම මෙහෙයුම් ක‍්‍රියාවලිය සම්පූර්ණ කිරීමේදී විවිධ සේවාවන් හා භාණ්ඩ සම්පාදනය කරනවාං ඒ ජාතික ආරක්ෂාව වෙන්න පුළුවන්ල වරාය ගුවන්තොටුපොළ සේවා වෙන්න පුළුවන්ල මහාමාර්ග හා දුම්රිය ප‍්‍රවාහන සේවාවන් වෙන්න පුළුවන්ල අධ්‍යාපන සෞඛ්‍ය ආදී සේවාවන් වෙන්න පුළුවන්ල සමෘද්ධි වැනි සුබසාධන වැඩසටහන් වෙන්න පුළුවන්ල නීතිරීති පද්ධති වෙන්න පුළුවන්ං රජය මෙම මෙහෙයුම් කාර්යයන් කිරීම සඳහා සේවකයන් බ`දවා ගන්න ඕනං ඔවුන්ට පඩිනඩි ගෙවන්න ඕනං භාණ්ඩ හා සේවා මිලදී ගන්න ඕනං කාර්යාල හා සේවා ස්ථාන පවත්වා ගෙන යන්න ඕනං ගොඩනැ`ගිලි යානවාහන පවත්වා ගන්න ඕනං එම මෙහෙයුම් ක‍්‍රියාවලිය නිසි පරිදි පවත්වා ගැනීමට නොහැකි වුවහොත් ආර්ථිකය හා රට අරාජිකත්වයට පත්වී බි`දවැටීමට පුළුවන්ං ඒ අනුව රජයේ මෙහෙයුම් ක‍්‍රියාවලිය පත්වා ගෙන යෑම සඳහා වාර්ෂිකව මූල්‍ය ප‍්‍රතිපාදන අවශ්‍ය කරනවාං අයවැය ලේඛනයක ප‍්‍රධාන අවශ්‍යතාව වන්නේ රජයේ මෙහෙයුම් කටයුතු සඳහා මුදල් ප‍්‍රතිපාදන ව්‍යවස්ථාදායකය මඟින් අනුමත කරගැනීමයිං

 රටක් අයවැයක් සකස් කිරීමේදී කුමන කරුණු සැළකිල්ලට ලක් කළ යුතු ද?

 රටක අයවැයක් සකස් කිරීම එය ක‍්‍රියාත්මක කිරීම හා එහි ක‍්‍රියාකාරීත්වය විමර්ශනය කිරීම ඉතාමත් සංකීර්ණ හා බැ?රුම් ක‍්‍රියාවලියක්ං ජාත්‍යන්තරව පිළිගත් නිර්ණායක අනුව අයවැය පාලනය (Budgetary Governance) යනුවෙන් හැඳින්වෙන්නේ රටක රජයේ වාර්ෂික අයවැය ලේඛණය සකස් කිරීමල එය ක‍්‍රියාත්මක කිරීමල විමර්ශනය කිරීම සහ රටෙහි මහජන අපේක්ෂාවන් හා ජාතික වුවමනා එපාකම් සමඟ කොයිතරම් දුරට අයවැය ගැළපෙනවාද යන්න තහවුරු කරන ක‍්‍රියාවලියයිං පුරවැසියන්ගේ ජීවිත කෙරෙහි සාධනීය බලපෑමක් කරන ලෙස ද සමාජ ඒකාග‍්‍රතාවයල සාධාරණත්වයල සහජීවනය තහවුරු කරන ලෙස ද තොරතුරු හා දත්තවල නිරවද්‍යභාවය හා විනිවිදභාවය තහවුරු කරන ලෙස ද අයවැය තුළින් පුරවැසියා හා ආණ්ඩුව අතර විශ්වාසය හා බැඳීම තහවුරු කරන ලෙස ද අයවැය සකස් කිරීම ක‍්‍රියාත්මක කිරීම හා අයවැය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ක‍්‍රියාවලිය ස්ථාපිත කිරීම අයවැය පාලනය තුළින් අපේක්ෂා කරනවාං

 ඒ අනුව රටක අයවැය ලේඛනය සැකසීමේ දී උනන්දුවිය යුතු හා අවධානය දැක්විය යුතු ප‍්‍රධාන කරුණු කිහිපයක් පවතිනවාං

 * අයවැය පිහිටුවීමේ සාර්ව ආර්ථික සන්දර්භය හා මූලධර්ම පිළිබ`ද මනා අවබෝධය.

 * පැහැදිලිල විශ්වාසනීය හා පුරෝකථනය කළ හැකි රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්ති සීමාවන් මත පිහිටා අයවැය කළමනාකරණය.

 * පාදක තොරතුරුවල නිරවද්‍යභාවයල විනිවිදභාවය හා ඒ ස`දහා පහසු ප‍්‍රවේශය.

 * ජාතික සංවර්ධන අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම අරමුණු කර ගනිමින් ඵලදායි ලෙස ප‍්‍රාග්ධන මුදල් වෙන් කරගැනීම.

 * අයවැය මඟින් පුරවැසියාගේ ජීවිත කෙරෙහි සාධනීය බලපෑමක් කිරීමේ හැකියාව.

 * අයවැය තුළින් පුරවැසියා හා ආණ්ඩුව අතර විශ්වාසය තහවුරු කිරීමේ හැකියාව.

 * වියදම් කරන සෑම සතයකටම එහි වටිනාකම ලබාදීමග

 * අයවැය යෝජනා හා වැඩපිළිවෙල පිළිබ`ද සැවොම දායක වන හවුල්කාරී සහ සත්‍යවාදී සංවාදයක් ස`දහා ඉඩකඩ ලබාදීමග

 * අයවැය පාලන පද්ධති වැඩිදියුණු කිරීමේ හැකියාව හා ප‍්‍රවේශය සහ

 * අයවැය ක‍්‍රියාත්මක කිරීම ක‍්‍රියාශීලී හා විධිමත් ලෙස සැලසුම් කිරීමල කළමනාකරණය කිරීම හා විමර්ශනය කිරීම එම කරුණු වේං

 ජනාධිපතිවරයාල මුදල් ඇමැතිවරයා හා ආණ්ඩුව තම අයවැය ලේඛණයන් සකස් කිරීමේදී මෙම කරුණු ඉටුවන ආකාරයට කටයුතු කළයුතුයිං

 ඔබ හිතනවිදිහට මෙම අයවැය ඔය කියන ගුණාංග හා මූලධර්ම සම්පූර්ණ කරනවාද?

 මගේ සෘජු පිළිතුර නැත යන්නයිං ඒකට පිළිතුරක් දෙන්න මම 2021 වර්ෂයට මෙම රජය ඉදිරිපත් කළ අයවැය දෙසට මදක් යොමු වෙන්නම්ං ගෝඨාභය රාජපක්ෂ රජයේ 2021 අයවැය ලේඛණයේ සඳහන් සාර්ව ආර්ථික මාර්ග සිතියම අනුව රජය එහි මධ්‍යකාලීන ආර්ථික වැඩපිළිවෙළ වශයෙන් අයවැය ප‍්‍රතිපත්තිය හරහා පහත දැක්වෙන ප‍්‍රමුඛතාවන් ලබාගැනීමට අපේක්ෂා කළාං

 රටෙහි මධ්‍යකාලීන ආර්ථික වෘද්ධි වේගය 6‍%‍ක මට්ටමක පවත්වා ගෙන යෑමල 5‍%‍‍ක වාර්ෂික උද්ධමන අනුපාත මට්ටම යටතේ මිල ස්ථායිතාව ඇති කිරීමල මුදල් ප‍්‍රතිපත්ති රාමුව හරහා පොලී අනුපාත අඩු මට්ටමක පවත්වා ගෙන යෑම හා විනිමය අනුපාතික ස්ථායිතාව ඇති කිරීමල රජයේ ආදායම් වියදම් පරතරය දංදේංනිං ප‍්‍රතිශතයක් වශයෙන් 9‍%‍‍ සිට 4‍%‍‍ දක්වා අඩු කරගැනීමල රජයේ ණය තොගය දංදේංනිං ප‍්‍රතිශතයක් ලෙස 90‍්‍ර සිට 70‍% දක්වා අඩු කරගැනීමල විදේශ ණය මත දක්වන ඉහළ පරායත්තතාව අඩු කොට ණය සංයුතියෙහි අවදානම්කාරී බව අවම කරගැනීමල මුදල් තොගය හා ද්‍රවශීලතා කළමනාකරණය සම්බන්ධයෙන් මුදල් ප‍්‍රතිපත්තියෙහි නව දර්ශන පථයක් අනුව කටයුතු කිරීමල නිෂ්පාදනයෙහි එකතු කළ වටිනාකම් අගය ඉහළ නැංවීම හරහා අපනයන ප‍්‍රවර්ධනය සහ අයහපත් වෙළෙ`ද පරතරය අඩු කරගැනීම සඳහා අපනයන මත දක්වන ඉහළ පරායත්තතාව අඩු කිරීම එම ප‍්‍රමුඛතාවන්ං මේ සඳහා යෝජනා රාශියක් එම අයවැය කතාව තුළ ඉදිරිපත් කළාං නමුත් මෙවර අයවැය ඉදිරිපත් කරද්දී මෙම අපේක්ෂාවන් හා ඉලක්කවලට සිදු වූයේ කුමක්ද පිළිබඳ කිසිදු විශ්ලේෂණයක් හෝ ඇගයීමක් නෑං ආණ්ඩුවට එම ඉලක්ක හා අරමුණු ඉටු කරගැනීමට නොහැකි වූවා නම් ඒවාට හේතු දක්වා එම ඉලක්ක නැවත සකස් කරගත යුතුව තිබුණාං නමුත් ආණ්ඩුව ඒ සියල්ලම හිස් වචන ගොඩක් බවට පත් කරමින් අමතක කර දමලා තියෙනවාං ඒ තුළින්ම මෙම ආණ්ඩුවට අයවැය පාලනය පිළිබ`ද පැහැදිලි වැඩපිළිවෙළක් නැති බව අපට පෙනී යනවාං

 එමෙන්ම 2021 අයවැය ඇස්තමේන්තු හා අයවැය කාර්යසාධනය ඉතාම පහළ මට්ටමක පවතින බව මේ වන විට ආණ්ඩුවම පෙන්වාදී හමාරයිං 2021 වර්ෂය සඳහා ඇස්තමේන්තුගත අයවැය සංඛ්‍යාවන්හි සැළකිය යුතු වෙනස්කම් සහිත සංශෝධිත ලේඛණයක් 2022 අයවැය යෝජනා සමඟ අමුණා ඇතං මෙහි ආදායම් පාර්ශ්වයේ මෙන්ම වියදම් පාර්ශ්වයේ සංඛ්‍යාවන් දැඩිලෙස පහතට සංශෝධනය කර ඇතං

 2021 වර්ෂයේ අයවැය යෝජනා තුළ වර්ෂය තුළ එකතු කරගැනීමට අපේක්ෂිත වූ ආදායම රුපියල් බිලියන 2019ක් වූ අතර එය අපේක්ෂිත දගදේගනිග ප‍්‍රතිශතයක් වශයෙන් 11ං4‍්‍රක් වියං පසුගියදා ප‍්‍රකාශිත මෙම සංශෝධිත දත්ත අනුව 2021 වසරේදී රජය එකතු කරගැනීමට අපේක්ෂා කරන සමස්ත ආදායම රුග බිලියන 1561 දක්වා රුග බිලියන 468 කින් හෙවත් 23‍්‍රකින් අඩු කර ඇතං එයින් බදු ආදායමේ අඩුවීම රුග බිලියන 399ක් වන අතර බදු නොවන ආදායමේ අඩුවීම රුග බිලියන 69කිං වසංගතය හමුවේ ආර්ථික බිඳවැටීම සඳහා අදාළ ගැලපීම් සිදු කර තිබුණු වාතාවරණයක් තුළ බදු ආදායම මෙසේ රුග බිලියන 400කින් පමණ පහත වැටුනේ කෙසේද යන්න මුදල් ඇමැතිවරයා පැහැදිලි කළ යුතුව තිබුණාං එමෙන්ම මෙම සංඛ්‍යා දත්ත 2021 වර්ෂයේ සැප්තැම්බර් මාසය පමණක් දක්වා පදනම්ව සකස් කළ දත්ත බැවින් ඉදිරියේ දී සත්‍ය දත්ත පැමිණෙන විට රජයේ ආදායම තවදුරටත් පහත වැටීමට පුළුවන්ං

 අනෙක් අතට රජයේ වියදම් පාර්ශ්වය අරන් බලමුං ණය නැවත ගෙවීම් හැර රජයේ සමස්ත වියදම 2021 වර්ෂයේ ඇස්තමේන්තු අගය වූ රුග බිලියන 3594 සිට රුග බිලියන 3387 දක්වා පහතට දමා ඇතං ඒ අනුව වියදම රුග බිලියන 207කින් අඩු වී ඇතං නමුත් පුනරාවර්තන වියදම ඇස්තමේන්තු අගයට වඩා රුග බිලියන 283කින් ඉහළ ගොස් ඇතං පුනරාවර්තන වියදම් ඇස්තමේන්තු අගයට වඩා ඉහළ යෑමට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ණය පොලී ගෙවීම් අමතර රුග බිලියන 195කින් ඉහළ යෑමත් සහනාධාර හා සංක‍්‍රාම වියදම් අමතර රුග බිලියන 96කින් ඉහළ යෑමත් යං අනෙක් අතට ආයෝජන වියදම් ඇස්තමේන්තු කළ රුග බිලියන 1070 සිට රුග බිලියන 582 දක්වා රුග බිලියන 488කින් අඩු කර ඇතං මෙසේ රාජ්‍ය ආයෝජන වියදම් දරුණු ලෙස අඩු කිරීම රටෙහි දීර්ඝකාලීන සංවර්ධනය කෙරෙහි ඉතාමත් අහිතකර ලෙස බලපාන කරුණක්ං

 සංශෝධිත මෙම ආදායම් වියදම් දත්ත අනුව අයවැය පරතරය 2021 වර්ෂයේදී ඉහළ අගයක් ගනු ඇතං එය දගදේගනිග ප‍්‍රතිශතයක් ලෙස 11‍්‍ර ක අගය ඉක්මවා ඇතං එය අපේක්ෂා කළ මට්ටමට වඩා ප‍්‍රතිශත අගයන් දෙකකින් ඉහළ යෑමකිං අයවැය කතාව තුළ ඇස්තමේන්තු කළ සමස්ත අයවැය හිඟය රුග බිලියන 1565ක් වුවත් සංශෝධිත දත්ත අනුව අයවැය හිඟය රුග බිලියන 1826 දක්වා රුග බිලියන 261කින් ඉහළ ගොස් ඇතං ඒ අනුව 2021 වර්ෂයේ අයවැය පරතරය පියවීම සඳහා රුග බිලියන 1826ක් නව ණය වශයෙන් ලබාගැනීමට සිදුවන අතර ඒ හා සමානුරූපීව රටේ සමස්ත ණය තොගය ඉහළ යනු ඇතං එම ණය සියල්ලම දේශීය මූලාශ‍්‍ර හරහා සම්පාදනය කර ගන්නා බැවින් දේශීය ආර්ථිකය තුළ ඒ මඟින් ඇති කරන උද්ධමන බලපෑම ඉහළ යෑමක් පෙන්නුම් කරයිං

 2022 අයවැය ලේඛණය ඉදිරිපත් කරන්නේ අලූත් මුදල් ඇමැතිවරයෙක්ං ඔබ හිතනවාද 2022 අයවැය තුළ මේ රටේ ආර්ථික වැඩපිළිවෙල හා අපිට ඇති අභියෝග හරියට හඳුනාගෙන තිබෙනවා කියලා?

 ඔබගේ එම ප‍්‍රශ්නයටත් අකමැත්තෙන් වුවත් මට ලබාදිය හැකි පිළිතුර නැත යන්නයිං මගේ පිළිතුරට හේතු කිහිපයක් තිබෙනවාං එයින් පළමු වැන්න තමයි ආණ්ඩුව හරිහැටි තවමත් මේ රටේ මධ්‍යකාලීන සාර්ව ආර්ථික වැඩපිළිවෙළ මොකක් ද කියලා හඳුනාගෙන නෑං අපිට ඇති අභියෝග හරියට හඳුනාගෙන නෑං මෙම අයවැය ලේඛණයේ පූර්විකාවේ රට මුහුණ දෙන අභියෝග විදිහට හුවා දක්වන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමල රටවල්වලට තිරසර සර්වර්ධන ඉලක්ක ළඟාකර ගැනීමට අපහසු වීමල ගෝලීය ප‍්‍රජාව අතර දුප්පත් පොහොසත් පරතරය පුළුල් වීමල ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මාෆියාවල රජයට එරෙහිව සමාජ ක‍්‍රියාකාරීන් සිටීම ආදියයිං මේවා නෙමෙයි රට හමුවේ අද ඇති සැබෑ අභියෝගං

 අපිට අද රටක් විදිහට ඇති සැබෑ අභියෝග කිහිපයක් මම කියන්නම්ං ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථාවර කොට විදේශ විනිමය අර්බුදය තුරන් කොට මෙරට මූල්‍ය ස්ථායිතාව ඇති කරගන්නේ කෙසේ ද?ල රටට අවශ්‍ය ඛනිජ තෙල්ල පොහොරල කර්මාන්තශාලා අමුද්‍රව්‍යල කිරිපිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය ටික ආනයනය කරගන්නේ කෙසේ ද? දිනෙන් දින රොකට් වේගයෙන් ඉහළ යන බඩු මිල පාලනය කරගන්නේ කෙසේ ද?ල පොහොර හා බෙහෙත් ටික නොමැතිව වළපල්ලට දක්කමින් තිබෙන කෘෂිකර්මාන්තය බේරා ගෙන ගොවියා දෙපයින් නඟාසිටුවන්නේ කෙසේ ද?ල කෙරෝනා වසංගතය ක‍්‍රමවත්ව පාලනය කොට රට ඵලදායි ලෙස විවෘත කරගන්නේ කෙසේ ද?ල ඇනහිට ඇති දැයේ දරුවන්ගේ අධ්‍යාපනය නැවත ආරම්භ කරන්නේ කෙසේ ද?ල සුණු විසුණු වුණු ආර්ථිකය නැවත ගොඩගන්නේ කෙසේ ද?ල දිනෙන් දින දිග් ගැහෙන පෝලිම් ක‍්‍රමය නැති කරන්නේ කෙසේ ද?ල ජනතාවට අවශ්‍ය ආහාරපානල බෙහෙත්ල අනෙකුත් ද්‍රව්‍ය නොඅඩුව ලබා දෙන්නේ කෙසේ ද? කොටින්ම කියනවානම් මේ රටේ අහිංසක ජනතාව ආර්ථික අහේනියෙන් මුදාගෙන ඔවුන් ජීවත් කරවන්නේ කෙසේ ද? මේවා තමයි අද අපි හමුවේ ඇති සැබෑ අභියෝගං මෙම අභියෝගවලට පිළිතුරු අයවැය තුළ නෑං දෙවැන්න මෙම අයවැයේ ඉදිරිපත් කර ඇති ආදායම් වියදම් දත්තවල විශ්වාසනීයත්වයක් නොමැති වීමං

 තවත් රු. බිලියන 390 ක අමතර බදු ආදායමක් ලබාගැනීම සඳහා ඉදිරියේදී වැඩි වැඩියෙන් භාණ්ඩ හා සේවා මත බදු පැනවීමක් සිදුවන බව එයින් පෙන්නුම් කරයිං නැතිනම් ආර්ථික වර්ධනය වේගවත් වී අමතර බදු ආදායම් ජනනය විය යුතුයිං නමුත් 2020 වර්ෂයේ සිට ධනවතුන්ට ලබාදුන් බදු සහන හරහා රජය විශාල බදු ආදායමක් අහිමි කරගත්තාං එම අහිමිකරගත් බදු මූලාශ‍්‍ර හරහා නව බදු ආදායම් එකතු කරගන්නේ ද නැද්ද යන්න පැහැදිලි නෑං ඒ අනුව බදු ක‍්‍රමය නැවත සකස් කළේ නැතිනම් ආර්ථිකය වර්ධනය වුවත් රජයේ බදු ආදායම ඉහළ නොයනු ඇතිං එමෙන්ම සීනි බදු වංචාවල පොල් තෙල් බදු වංචාවල ආදිය හරහා රජය විශාල බදු ආදායමක් අහිමි කරගත්තාං එම බදු වංචාවන් තවදුරටත් ගජරාමෙට ක‍්‍රියාත්මක වෙමින් පවතිනවාං මෙම බදු නැවත අය කරගන්නේද නැද්ද යන්න පිළිබ`ද සඳහනක් අයවැය තුළ නෑං

 අයවැය තුළ යෝජනා දහසකුත් එකක් තියෙනවාං ජනතාවගේ දැවෙන ප‍්‍රශ්න විසඳිය හැකි එකදු සාධනීය යෝජනාවක් ඒ අතර නෑං බි`දවැටුණු ආර්ථිකය ගොඩගැනීමට කිසිදු සාධනීය යෝජනාවක් නෑං යෝජනා තිබුණත් ඒවා ඵලදායි ආර්ථික යෝජනාවන් නොවේං හිස් වචන ගොඩක් පමණිං ඇතැම් යෝජනා යෝජනා පමණිං ක‍්‍රියාත්මක කිරීමට මූල්‍ය ප‍්‍රතිපාදන නොමැතං ඉතින් එහෙම බලනකොට මෙම අයවැය පුස් වෙඩිල්ලක් නොවන්නේ යැයි කෙනකුට කිව හැකිද?

 සාකච්ඡා කළේ  – සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment