අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12ක විසිදහසක් පීඩාවට

96

අධික වැසි, තද සුළං, පස් කඳු නාය යෑම්, හදිසි ගංවතුර ඇතුළු දිවයින පුරා පවතින ආපදා තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පවුල් 3200කට අයත් පුද්ගලයන් 20,000ක් පමණ පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් නිවාස 61කට අර්ධ හානි සිදුවී ඇතැයි ද එම මධ්‍යස්ථානය කියයි.

එසේම පවුල් 849කට අයත් පුද්ගලයන් 2796 දෙනකු ආරක්‍ෂිත ස්ථානවල රඳවා සිටින බවද එම මධ්‍යස්ථානය පවසයි.

ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මෙම හදිසි ආපදා තත්ත්වයන් බදුල්ල, මොණරාගල, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, මන්නාරම, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, කෑගල්ල, රත්නපුර, පුත්තලම යන දිස්ත්‍රික්කවලින් වාර්තා වන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment