රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සමග පෙරේදා (07) සවස දුරකථන ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වීය.
අයිඑම්එෆ් කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඉල්ලා ඇති අග්‍රාමාත්‍යවරයා එවිට අයිඑම්එෆ් සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අවසන් කිරිමට හැකි බවටත් ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාව සහ අයිඑම්එෆ් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් අවසන් කිරීම මත මූල්‍ය සම්බන්ධතා සාකච්ඡා රඳා පවතින බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි. මෙම දුෂ්කර කාලයේදී ශ්‍රී ලංකාවට සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය මේ සාකච්ඡාවේදී කැමැත්ත පළ කර ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත