‘අයිඩා’ කුණාටුවෙන් ඇතිවූ ජල ගැලීම්වලින් ඇමරිකාවේ 09 ක් මරුට

167

‘අයිඩා’ නමැති කුණාටුව කඩා වැදීමත් සමගම හටගත් ජල ගැලීම් හා සුළි කුණාටු හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ඊසාන දිග කලාපයේ පිහිටි නිව්යෝක් හා නිව් ජර්සි ප‍්‍රදේශවල විසූ 09 දෙනෙකු මිය ගොස් තිබේ. මෙසේ මියගොස් ඇති එක් අයෙකුගේ මළ සිරුර හමු වී ඇත්තේ ජල ,ගැලීමට හසු වී ගසාගෙන ගිය මෝටර් රථයක් තුළ තිබීය.

‘අයිඩා’ කුණාටුවෙන් ඇතිවූ  ජල ගැලීම්වලින්  ඇමරිකාවේ 09 ක් මරුට

නිව්යෝක් හා නිව් ජර්සි ප‍්‍රදේශවල පිහිටි ඇතැම් නිවෙස්වල පහත මාලය ජලයෙන් යට වී තිබීම හේතුවෙන් නිවැසියන් නිවෙස්වල කොටු වී සිටින බවද වාර්තා වී ඇති අතර පවතින තත්ත්වය මත එම නගරවල නගරාධිපතිවරුන් විසින් මේ වන විට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබේ. නිව්යෝක් නගරයේ මධ්‍යම උද්‍යානයට පමණක් ඊයේ (02දා ) දිනයේ පැයක් තුළදී අඟල් 3ක (සෙන්ටි මීටර් 8ක් පමණ) වර්ෂාපතනයක් ඇදහැලී තිබිණි. වැසි හා ජලගැලීම් හේතුවෙන් නිව්යෝක් නගරයේ සියලූම අතුරු මාර්ග වසා ඇති අතර අත්‍යවශ්‍ය නොවන වාහන මහා මාර්ගවල ගමන් කිරීම මේ වන විට තහනම් කර තිබේ. නිව්යෝක් හා නිව්ජර්සි නගරවල සිට වෙනත් නගරවලට ගමන් කරන සියලූම ගුවන් හා දුම්රිය ගමන්ද අත්හිටුවා තිබේ. නිව්යෝක් නගරාධිපති බිල් ඩි බ්ලැසියෝ විසින් ප‍්‍රකාශ කර ඇත්තේ හටගෙන ඇති දරුණු කාලගුණ තත්ත්වය ඓතිහාසික කාලගුණ විපර්යාසයක් බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment