‘අයිඩා’ කුණාටුවෙන් ඇමරිකාවේ ප‍්‍රාන්ත හයක 45ක් මරුට

201

දිගින් දිගටම ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හා සුළි කුණාටු සමග හට ගෙන ඇති ජල ගැලීම් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ වයඹ දිගින් පිහිටි ප‍්‍රාන්ත හයක වැසියන් 45 දෙනකු ඊයේ (03දා) සවස වන විට මිය ගොස් තිබිණි. ‘අයිඩා’ කුණාටුවේ පැමිණීමත් සමගම හටගත් ජල ගැලීම් හා සුළි කුණාටු හේතුවෙන් වැඩි දෙනෙකු මියගොස් ඇත්තේ නිව් ජර්සි ප‍්‍රාන්තයේ වන අතර එම සංඛ්‍යාව 23 දෙනෙකි. මෙයට අමතරව නිව්යෝර්ක් නගරයේ 14 දෙනෙකුද (වයස අවුරුදු දෙකක කුඩා ළමයෙකුද ඇතුළුව* පෙන්සිල්වේනියා ප‍්‍රාන්තයේ 05 දෙනෙකුද ජල ගැලීම්වලට හසු වී මිය ගොස් ඇති අතර මේරිලන්ඞ් හා වර්ජිනියා ප‍්‍රාන්තවල 03 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වී තිබිණි.

 හටගෙන ඇති දරුණු ව්‍යසනය දේශගුණික විපර්යාසය මත ඇතිවූවක් බව පිළිගෙන ඇති ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මෙම දේශගුණික විපර්යාස ගැටලූව සමග ගනුදෙනු කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ඓතිහාසික ආයෝජනයක් සිදු කිරීමට කාලය එළඹ ඇති බව සඳහන් කර ඇත. ඇමරිකාව පුරාම මෙම දේශගුණික විපර්යාසය හේතුවෙන් හටගෙන ඇති ව්‍යසනකාරී තත්ත්වය දක්නට ලැබෙන බවත් මෙම ව්‍යසනය මගහරවා ගැනීමට කටයුතු කිරීම ජීවිතයත් මරණයත් අතර සටනක් බවට පත්ව ඇති බව ජනාධිපති බයිඩන් කීවේය. නිව්යෝක් නගරයට හා නිව්ජර්සි ප‍්‍රාන්තයට දිගින් දිගටම අධික වැසි ඇද හැලෙමින් පවතින අතර මේ වන විට ඒවායේ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment