නාවික හමුදාව විසින් මන්නාරම, නරිවිල්කුලම් වෙරළ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නා ලද රුපියල් කෝටි හතකට ආසන්න වටිනාකමක් ඇති කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 228 ක් ගිනි තබා විනාශ කොට තිබේ.
උතුරු මැද නාවික විධානයට අයත් ශ‍්‍රී ලංකා නාවික නෞකා ඵුස්සදේව ආයතනය මගින් සිදුකළ විශේෂ පාමුර සංචාරයක දී, ජාවාරම්කරුවන් විසින් නාවික මෙහෙයුම් හමුවේ එම වෙරළ තීරයේ අතහැර දමා තිබූ මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන තිබේ. මෙම කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට රැුගෙන එන ලද බවට වූ විශ්වාසය මත අයිතිකරුවන් නොමැතිකමත් නිසා නාවික හමුදාව එම කේරළ ගංජා තොගය ගිනි තබා විනාශ කොට ඇත.
දිනසේන රතුගමගේ
|