ඉන්දීය ප්‍රිමියර් ලීග් 2025 තරගාවලිය සතියක කාලයක් සඳහා අත්හිටුවීමට තීරණය කර ඇති බවට වාර්තා වේ. ඉන්දියාව සහ පාකිස්තානය අතර ගැටුම් උත්සන්න වීමෙන් පසු වැඩිවන ආරක්ෂක ගැටලු මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ආරංචි මාර්ග තහවුරු කර ඇත.
පෙරේදා ධර්මශාලා හිදී පැවති පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරගය පන්දුවාර 10ක් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ආරක්ෂක ගැටලු හේතුවෙන් අවලංගු කළේය. පතන්කොට් සිට කිලෝමීටර් 100 කටත් අඩු දුරකින් මෙම ස්ථානය පිහිටා ඇති අතර, එහිදී ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් නිකුත් කරන ලද අතර, එම නිසා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවට වාර්තා වේ.
“2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සතියක කාලයකට අත්හිටුවීමට අපි තීරණය කර ඇත්තෙමු. ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව අපගේ ප්‍රමුඛතාවයයි. මේ මොහොතේ, ජාතික අවශ්‍යතා අතිශයින්ම වැදගත්,” යැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ආරංචි මාර්ග පුවත්පතට පවසා ඇත.