දකුණුදිග අයිස්ලන්තයේ පිහිටි ‘බ්රෙයෝමර්කුර්ජෝකුල්’ නමැති අයිස් ග්ලැසියරය නැරඹීමට ගිය සංචාරක කණ්ඩායමකට අයත් පුද්ගලයෙකු අයිස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මිය ගොස් ඇති අතර එම සිදුවීම හේතුවෙන් තවත් දෙදෙනකු අතුරුදන්ව තිබේ. පෙරේදා (25දා) සිදුව ඇති මෙම අයිස් කඳු කඩා වැටීමෙන් තුවාල ලැබූ තවත් සංචාරකයෙකු රෝහල්ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වී තිබේ.
මෙම සිදුවීම හේතුවෙන් අතුරුදන්ව සිටින සංචාරකයන් දෙදෙනා සොයා සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති අතර පවතින දුෂ්කරතා හේතුවෙන් එම සෝදිසි මෙහෙයුම පෙරේදා රාත්රියේ අත්හිටුවා ඊයේ දිනයේ නැවත ඇරඹීමට නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ.