අයිස් ගැසූ කොස්තාපල් පන්නල පොලිසියේ යකා නටයි

178

අයිස් මත්ද්‍රව්‍ය භාවිතාකොට පොලිසියේ කලහකාරීව හැසිරුන බව කියන කොස්තාපල් වරයෙකු අයිස් මිලිග්‍රෑම් 180ක් ද සන්තකයේ තිබියදී කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 6 වෙනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරනලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා නියම කළේය.

පන්නල පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි අම්පාර පන්නල්ගම පදිංචි 21 හැවිරිදි ආධුනික කොස්තාපල් වරයෙකු ඉකුත් 31දා පන්නල පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත්කරනලදුව එසේ රක්‍ෂිත බන්ධනාගාර ගතවිය.

පොලිසිය අධීකරණයට කරුණු දක්වමින් කියාසිටියේ සැකකාර කොස්තාපල් වරයා අධික ලෙසින් අයිස් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවෙකු බවත් 30 වැනිදා සවස සැකකරු පොලිසිය තුළත් නේවාසික කාමර තුළත් අයිස් මතින් කලහකාරී අන්දමින් හැසිරි ඇති බවත්ය තත්වය පාලනය කිරීමට සැකකාර කොස්තාපල්වරයා පොලිස් සිරි මැදිරියේ රඳවා ගැනීමට පවා සිදුවූ බවත් පොලිසිය අධිකරණයේ කරුණු දක්වමින් පැවසීය.


advertistmentadvertistment