අයිස් ගැසූ තරුණිය පොලිසියට බියේ උඩු මහලින් පැන මැරිලා

443

පන්නිපිටිය ,බෝගහවෙල පාරේ දෙමහල් නිවසක ඉහළ මාලයෙන් බිමට පැන්න තරුණියක් මියගොස් තිබේ. මෙම තරුණිය අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටිය දී පොලිසිය එම ස්ථානයට පැමිණීම හේතුවෙන් කලබල වී ඇය මහල් නිවසින් බිමට පැන ඇත. මෙසේ මරණයට පත් වූයේ බිමනි හිමංසා (21) නැමති බෝපේ ,කුරුන්දෙණිය, පාදුක්ක පදිංචි අයෙකි.

තම ස්වාමියා තවත් දෙදෙනකු සමග නිවසේ උඩුමහලේ මත්ද්‍රව්‍ය පානය කරන බවට කොට්ටාව පොලිසියට කාන්තාවක් විසින් කරනු ලැබූ පැමිණිල්ලක් අනුව පොලිස් නිලධාරීන් එම නිවස වෙත පැමිණීමේ දී මෙම තරුණිය බිමට පැන තිබේ.

නිවස පහල තිබුණු තාප්පයක කම්බියක ගැටීමෙන් මරණය සිදුව තිබේ. කොට්ටාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

කඩුවෙල සුගත් ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment