අයිස් හදන රසායනාගාරයක් යාපනයෙන් අල්ලයි

310

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රසායනාගාරයක් ප්‍රථම වරට යාපනයේ චුන්නාගම් ප්‍රදේශයේදී ‘යුක්තිය’ මෙහෙයුමේ යෙදී සිටින යාපනයේ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් වටලා එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීම මෙහෙයවූ යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් විශාන්ත මහතා කීවේ අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු හෙළිකළ තොරතුරු අනුව මෙම රසායනාගාරය වැටලූ බවයි.

චුන්නාගම් ප්‍රදේශයේ නිවසක රසායනාගාරයක් තනා, මෙම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර ඇති බවයි.

මෙම රසායනාගාරයේ සිටි ප්‍රධාන සැකකරු පලාගොස් ඇති අතර ඔහු ආවා කල්ලියේ ප්‍රධානියකු ලෙස ද සේවය කර ඇති බව පොලිසිය කියයි.

මෙම රසායනාගාරයේ තිබූ අමුද්‍රව්‍ය විශේෂඥයන් විසින් පරීක්‍ෂා කරනු ලැබූ මොහොතේ අයිස් මත්ද්‍රව්‍ය තැනීම සඳහා මෙම අමුද්‍රව්‍ය යොදා ගන්නා බවට විශ්වාස කරන බවද සනාථ කර ඇතැයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසීය.

මෙම අමුද්‍රව්‍ය වැඩිදුර විමර්ශනය සඳහා රජයේ රස පරීක්‍ෂකවරයා වෙතට යවා ඇත.

යාපනය කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක ඇතුළු පිරිසක් වැටලීම් සිදුකර තිබේ

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment