අයිසිස් ත‍්‍රස්තයන්ගේ ඉලක්කය වරදියි ඇෆ්ගන් ජනපති රොකට් ප‍්‍රහාරයෙන් දිවි ගලවා ගනියි

327

ඇෆ්ගනිස්තානයේ කාබුල් හි ජනපති මාලිගයට එල්ල වූ රොකට් ප‍්‍රහාර තුනකින් ජනපති අෆ්රෆ් ගානි දිවි ගලවා ගෙන ඇත.

 මුස්ලිම් ජනතාව අමතා දේශනයක් පැවැත්වීමට නියමිතව තිබූ අවස්ථාවේ එම රොකට් ප‍්‍රහාරය එල්ලවී තිබේ. මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ අයිසිස් ත‍්‍රස්ත සංවිධානය බව හෙළිවී ඇත. ඇෆ්ගන් ජනපති මාලිගය විශාල කොන්කී‍්‍රට් තාප්පයකින් ආවරණය වී ඇති අතර මෙම රොකට් ප‍්‍රහාර එල්ල වී ඇත්තේ නුදුරු ප‍්‍රදේශයකින් බව හෙළිවී ඇත. මෙහිදී කිසිවකුටත් තුවාල සිදුවී නැති අතර වාහනයක් විනාශ වී තිබේ. මේ අතර ඇෆ්ගන් රජයේ ප‍්‍රධානියකු වූ අබ්දුල්ලා අබ්දුල්ලා කටාර් රාජ්‍යයේදී තලිබාන් දේශපාලන නායකයන් සමග සාම සාකච්ඡාවල නිරත වී ඇත.


advertistmentadvertistment